
(රෝෂන් තුෂාර)
පාතාල කල්ලි සාමාජික ගනේමුල්ලේ සංජීව අධිකරණ විත්ති කූඩුවේදී වෙඩි තබා ඝාතනය කිරීමේ ප්‍රධාන සැකකාරියක වන ඉෂාරා සෙව්වන්දීගේ බැංකු ගිණුමකට රුපියල් පනස් දහසක මුදලක් බැර කළේ යයිි කියන මහනුවර ප්‍රදේශයේ පුද්ගලයකු ලබන 20 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලී මහත්මිය අද (16) නියෝග කළාය.
කොළඹ අපරාධ කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ සුගත් අබේසිංහ නමැති සැකකරුවෙකු මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණි.
කොළඹ අපරාධ කොට්ඨාසය නිලධාරීන් සැකකරු අධිකරණයට ඉදිරිපත් කරමින් කියා සිටියේ ඉසාරා සෙව්වන් දී සැකකාරියගේ බැංකු ගිණුමකට සැකකරු විසින් මුදල් සම්ප්‍රේෂණය කර ඇති බවය.
අදාළ ඝාතනය සිදුවූ ආසන්න දිනයකදී මෙම මුදල් ගනුදෙනුව සිදු ව ඇති බවත්, සැකකරුගේ ගිණුමට මෙම මුදල් ඔන්ලයින් මාර්ගය ඔස්සේ ගිණුම් ගතවී ඇති බවත් පැවසීය.
සැකකරුට මෙම මුදල් ලැබුණේ කිසියම් අපරාධ කල්ලි සාමාජිකයින්ගෙන් දැයි යන්න පිළිබඳව තවදුරටත් විමර්ශන සිදුකරන බවත් සඳහන් කළේය.
අපි සිංහ නමැති අය මෙම ඝාතන සිද්ධියේ 17 වන සැකකරු ලෙස නම්කර අධිකරණයට ඉදිරිපත් කරන බවද සඳහන් කළේය.විමර්ශන අවසන් නොමැති බැවින් සැකකරු රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසටද ඉල්ලා සිටියේය.
සැකකරු වෙනුවෙන් නීතිඥ ගීත් කරුණාරත්න මහතා පෙනී සිටි අතර තම සේවා දායකයා මෙම සිද්ධිය සම්බන්ධයෙන් දැනුවත් නොමැති බව සඳහන් කළේය.
දෙපාර්ශවයේ කරුණු සලකා බැලූ ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය විමර්ශන අවසන් නොමැති බැවින් සැකකරු ලබන 20 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කළාය.
2025 නොවැම්බර් මස 04
570
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2268
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1702
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
සංජීව ඝාතකයාගේ ගිණුමකට සල්ලි දැමූ අයෙක් රිමාන්ඩ්
සෙනෙවිරත්න Tuesday, 17 June 2025 07:16 AM
වැරදි හුවමාරුවක් වෙන්න බැරිද සමහරවිට නොසැලකිලිමත් ලෙස, එහෙම උනා නම් කාටත් හොඳ පාඩමක්