(අජන්ත කුමාර අගලකඩ)
ආණ්ඩුවට එරෙහිව ඉදිරිපත් කිරීමට යන විශ්වාසභංග යෝජනාවට සහාය ලබාගැනීම සහ අන්තර්කාලීන ආණ්ඩුවක් පිහිටුවීම සම්බන්ධයෙන් සමගි ජන බලවේගය සහ ආණ්ඩුවෙන් ඉවත්ව ස්වාධීන වූ මන්ත්‍රී කණ්ඩායම අතර තීරණාත්මක හමුවක් අද (25) දහවල් පවත්වා ඇත.
පාර්ලිමේන්තු මන්ත්‍රී ටිරාන් අලස් මහතාගේ කාර්යාලයේ පැවති එම සාකච්ඡාවට සමගි ජන බලවේගය නියෝජනය කරමින්, එහි මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර , දොස්තර රාජිත සේනාරත්න, ආචාර්ය හර්ෂ ද සිල්වා, ගයන්ත කරුණාතිලක සහ එස් එම් මරික්කාර් යන මහත්වරුන් ද, ස්වාධීන මන්ත්‍රී කණ්ඩායම නියෝජනය කරමින් විමල් වීරවංශ, උදය ගම්මන්පිල දයාසිරි ජයසේකර සහ ටිරාන් අලස් යන මහත්වරුන් ද සහභාගී වී ඇති බව දැනගන්නට ඇත.
ආණ්ඩුවට එරෙහිව ඉදිරිපත් කිරීමට යන විශ්වාසභංග යෝජනාවට මන්ත්‍රීවරුන් එකසිය පහළොස් දෙනකුගේ අත්සන් ලැබී ඇති බවත්, එය ලබන 03 වැනිදා කතානායකවරයාට භාර දෙන බවත් සමගි ජනබලවේගය මන්ත්‍රීවරුන් එහිදී පෙන්වා දී ඇත.
ආණ්ඩුවට බහුතරය නැති බව පෙන්වීමේ පරීක්ෂණයක් ලෙස ලබන 4 වැනිදා නියෝජ්‍ය කථානායක තේරීමේ අවස්ථාවේදී ස්වාධීන මන්ත්‍රී කණ්ඩායමෙන් අයකු ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් ද එහිදී සාකච්ඡා වී ඇත.
ඒ හරහා ලබාදෙන පණිවුඩයත් සමග විශ්වාසභංග යෝජනාව විවාදයට ගැනීම සහ අන්තර්කාලීන ආණ්ඩුවක් පිහිටුවීම සම්බන්ධයෙන් ද එහිදී සාකච්ඡා වී ඇතැයි දැනගන්නට ඇත.
අන්තර්කාලීන ආණ්ඩුවක් පිහිටුවන්නේ නම් පක්ෂ නායකයන්ගෙන් සමන්විත විධායක සභාවක් පත් කිරීම හා විද්‍යාත්මක ක්‍රමවේදයක් යටතේ කැබිනට් මණ්ඩලයක් පත්කිරීම සම්බන්ධයෙන් ද සාකච්ඡා වී ඇතැයි දැනගන්නට තිබේ.
එසේ පත් කරනු ලබන කැබිනට් මණ්ඩලයේ අමාත්‍යවරුන් සංඛ්‍යාව දාහතත් විසිදෙකත් අතර විය යුතු බවට ද එහිදී සාකච්ඡා වී ඇතැයි දැනගන්නට තිබේ.
ආණ්ඩුවට එරෙහිව අරගලයේ යෙදී සිටින ජනතාවගේ අරමුණු ඉෂ්ට කර ගැනීම සඳහා සියලු දෙනා එක්ව කටයුතු කළ යුතු බවටද එහිදී තීරණය වී ඇත.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
සජබ - හතළිස් එක හවුලක් අත ළඟ