IMG-LOGO

2025 ඔක්තෝබර් මස 12 වන ඉරිදා


සජබ මන්ත්‍රී පිරිසක් පාර්ලිමේන්තුවෙන් ඉල්ලා අස්වෙන්න යයි

(අංජුල මහික වීරරත්න)

පළාත් සභා  ඡන්දයට ඉදිරිපත්වීම සඳහා සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිහිප දෙනකු ඉල්ලා අස්වෙන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

ඔවුන් පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන්  ඉවත්ව පළාත් සභාවට තරඟ කරන්නට සූදානම් බව කී විපක්ෂ නායකවරයා  කැපකිරීම්,පරිත්‍යාග කර පළාත් සභා ඡන්දය ජයග්‍රහණය කරවන්නට සමගි ජන බලවේගය සූදානම් බව කීය.

2020 පෙබරවාරි මාසයේ ලියාපදිංචි වූ සමගි ජන බලවේගය මේ වන විට දුරකථනය ලකුණෙන් මහමැතිවරණ දෙකකට සහ එක් ජනාධිපතිවරණයකටත් පළාත් පාලන මැතිවරණයකටත් තරඟ කර ඇති බවත් අද වන විට සමගි ජන බලවේගයට පළාත් පාලන මන්ත්‍රීවරුන් හා මන්ත්‍රීවරියන් 1773ක් සිටින බවත් විපක්ෂ නායකවරයා කීය.

මහාමාන්‍ය ඩී. එස්. සේනානායක දේශපාලන අධ්‍යාපන තිරසර සංවර්ධන විද්‍යා පීඨය ආරම්භ කිරීමේ අවස්ථාවට සමගි ජන බලවේග ප්‍රධාන  කාර්යාලයේ දී එක් වෙමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කීය.



අදහස් (4)

සජබ මන්ත්‍රී පිරිසක් පාර්ලිමේන්තුවෙන් ඉල්ලා අස්වෙන්න යයි

dula Saturday, 11 October 2025 04:31 PM

අනේ අබිලිං එජාපෙ කඩාගෙන ඇවිත් මොන ලබ්බක්ද ඔයි ඔහෙලා achieve කලේ . මෝඩ කමයි උද්දච්ඡ කමයි ඔහේගේ ඇඟ පුරාම. නැත්නම් ඔහේ අද අගමැති. ඊළඟ පාර ජනපති.

:       12       38

MATARA SUNILSaturday, 11 October 2025 04:47 PM

මේකට හා හා බොත්තමක් දාන්න විදියක් නැද්ද?

:       0       20

තංගල්ලේ මෙත්-මල්Saturday, 11 October 2025 05:10 PM

ඩී. එස්. සේනානායක - ලංකාවට පූර්ණ නිදහසක් එපා, අපි හවුලේ පාලනය කරමු කියපු නිදහසේ පියා. බ්‍රිටිෂ් ලයිබ්රරි ඇන්ඩ් ආර්කයිව් එකේදී ලිපිය දැකගත හැකියි.

:       2       22

පුවක්දණ්ඩේ විමලේSaturday, 11 October 2025 05:12 PM

කැපකිරීම්, පරිත්‍යාග කිරීම් කරන්න ඕනෑ නම් රට හදන වෙලේ වර්තමාන ආණ්ඩුවට උදව්කරන එකයි කරන්න ඕනෑ.

:       5       49

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 427 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 734 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 328 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site