
(සුමිත් පොතුපිටිය )
කලුතර මහ නගර සභාවට පසුගිය පළාත් පාලන මැතිවරණයේ දී සමගි ජන බලවේගයෙන් තරග කළ බන්දුල ප්‍රසන්ත යන අයට වෙඩිතැබීමේ සිද්ධියට අනුබල දුන් බව කියන පුද්ගලයන් තිදෙනකු වෙඩිතැබීමට යොදාගත් රිවෝල්වරය , යතුරුපැදි තුනක් සහ ජංගම දුරකථන තුනක් සමග අත්අඩංගුවට ගත්බව කළුතර අපරාධ කොට්ඨාශය පවසයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ කළුතර පයාගල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයන් බව පොලිසිය කීය.
ඉකුත් මැයි 4 දින රාත්‍රී කලුතර නාගොඩ ප්‍රදේශයේ පිහිහි මන්ත්‍රී අපේක්ෂක බන්දුල ප්‍රසන්න යන අයගේ නිවස ඉදිරිපිටදී යතුරුපැදියකි පැමිණි දෙදෙනකු වෙඩි ප්‍රහාර කිහිපයක් එල්ලකර පලාගොස් තිබූ අතර, එහිදී ඔහුගේ දකුණු උරහිසට ප්‍රහාරය එල්ලවී තිබුණි.
සැකකරුවන් අත්අඩංගුවට ගෙන කල ප්‍රශ්ණ කිරීමෙන් පසු වෙඩිතැබීමට යොදාගත් විදෙස් රටක නිශ්පාදිත රිවොල්වරය, එදින පැමිණි යතුරුපැදිය, ඔවුන් විසින් සොරකම් කළ තවත් යතුරුපැදි දෙකක් , පූර්ණ මුහුණු ආවරණය කළ හෙල්මට් සහ ජංගම දුරකථන තුනක්ද සොයාගෙන තිබේ.
2025 දෙසැම්බර් මස 18
249
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
179
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
987
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
සජබ අපේක්ෂකට වෙඩිතැබූ සිද්ධියට තිදෙනෙකු අල්ලයි
ළිඳ ලඟ රේඛා Thursday, 22 May 2025 08:55 AM
ඇයි අනේ වෙඩිතියල තියෙන්නේ? දන්න කෙනෙක් කියන්නකෝ. මදැයි පත්තරේ බැලුව.