IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


සජබෙන් ආණ්ඩුවට බුරුත්තක් එනවා

(යොහාන් භාසුර)

සජිත් ප්‍රේමදාස මහතාගේ සමඟි ජනබලවේගයෙන් ආණ්ඩුවට සහයෝග දීමට විශාල පිරිසක් අනිවාර්යෙන්ම ආණ්ඩු පක්‍ෂයට එකතු වන බවත් විපක්‍ෂ නායකවරයා රටට සහ දේශපාලනයට එපා වූ පුද්ගලයන් පිම්බීමට උත්සහ කළ ද පිරිසිඳු දේශපාලඥයන් රනිල් වික්‍රමසිංහ මහතාට එකතු වෙමින් සිටින බවත් ධීවර රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතා අද (13) පැවසීය.

බත්තරමුල්ල, නෙළුම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්‍ෂ මූලස්ථානයේදී අද (13) පැවැති මාධ්‍ය හමුවේදී ධීවර රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතා එසේ පැවසීය.

සමඟි ජනබලවේගයෙන් හොඳ දේශපාලඥයන් යෑම සජිත් ප්‍රේමදාස මහතාට නතර කළ නොහැකි බව කී පියල් නිශාන්ත මහතා රට සහ රටේ ජනතාව පිළිබඳව අවදානය යොමු කරමින් ආදර්ශමත්ව කථා කරන පාඨලි චම්පික රණවක මහතා වැනි වියත් දේශපාලඥයන්ට කථා කිරීමේ අයිතිය නැති කිරීමට ප්‍රේමදාස මහතා කටයුතු කරමින් සිටින බව ද සඳහන් කළේය.  

මන්ත්‍රීවරු විශාල පිරිසක් ආණ්ඩුවට සහයෝගය දැක්වීමට සූදානමින් සිටීම නිසා පාර්ලිමේන්තුව තුළ දැවැන්ත පරිවර්ථනයක් වන බව කී පියල් නිශාන්ත මහතා පැවසුවේ සජිත් ප්‍රේමදාස මහතාගේ පටු දේශපාලනයට මෙවැනි සිද්ධීන්වලින් විශාල ප්‍රහාරයක් එල්ල වන බවත්ය.

සජිත් ප්‍රේමදාස සහ කිරිඇල්ල වැනි මහත්වරු නැගිටිලා යන විට සෑබෑ පාර්ලිමේන්තු වගකීම ඉටුකරන බොහෝ දෙනෙක් පාර්ලිමේන්තුවේ වාඩි වී ඔවුන්ගේ යුතුකම ඉටුකරන බවත් විධායක ජනාධිපති ක්‍රමය රටට ගැලපෙන ආකාරයට අවසන් කළ යුතු බවත් ඒ මහතා සඳහන් කළේය.

මෙරට ජනතාව ඉහළට ඔසන්න විධායක ජනාධිපති ක්‍රමය පාවිච්චි කරන්නේ නම් එහි ගැටලුවක් නොමැති බව ද රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතා වැඩි දුරටත් පැවසීය. 



අදහස් (17)

සජබෙන් ආණ්ඩුවට බුරුත්තක් එනවා

podi hadaya Tuesday, 13 February 2024 06:42 PM

පුත්තලම් බූරුවගේ වගකීම බාරගත්තු අලුත්ම එක වගේ...

:       0       3

චන්දන Tuesday, 13 February 2024 07:17 PM

බුරුත්තම එකට තියලා ගෙදර යවන්න පුළුවන්...

:       0       5

chami Tuesday, 13 February 2024 07:42 PM

හරක් පට්ටිය කොයි ගාලේ හිටියත් එකයි. ඔවුන් හරක්ම තමයි. කන්නේ තණකොළ කොතැන හිටියත්..!

:       0       5

Jayalal Tuesday, 13 February 2024 08:03 PM

ඔය දෙපැත්තේ ඔලු ගෙඩි මාරු වුණාට වැඩක් නැහැ. ජනතාව npp එක වටේ පයුරු වලල්ලක් වගේ එකතුවෙලා ඉවරයි. මේ සැරේ ලංකාවේ සිදුවෙන දැවැන්තම දේශපාලන පෙරලිය වෙනවා...!

:       0       5

Buddika Tuesday, 13 February 2024 08:05 PM

අප්පට සිරි ඇත්තද? එතකොට ඒ එන්නේ දවල්ද? ඇඳගෙනද එන්නේ? එන අයට කීයක් දෙනවාද සල්ලි? ඒ දෙන සල්ලි හොරු රැල හොරකම් කරපුවා නේද?

:       0       5

Candana Tuesday, 13 February 2024 08:38 PM

බූරුවන් ටික දැම්ම යන එක හොඳයි...

:       0       4

Rata Perata Tuesday, 13 February 2024 08:45 PM

මේ අය ඔක්කොම හරියට අවසන් කළේ පිස්සුවෙන් කියවනවා වගේ... ඇත්තටම මේ වගේ අය කොහොමද ඇමැතිලා වුණේ අපේ රටේ...? අනිත් එක ඔය පක්ෂ 02ම එකයි...

:       0       4

Prabha Tuesday, 13 February 2024 08:54 PM

අම්මේ රනිල් වටේ ඉන්න අයගේ පිරිසිදුකම...

:       0       4

ranjith Tuesday, 13 February 2024 09:22 PM

225ම ආවත් ජනතාව නම් එන්නේ නැහැ.

:       0       4

Vidyarathna Tuesday, 13 February 2024 10:13 PM

ඔය පක්ෂයේ කොහොම ඉන්නද?

:       0       3

chandima Wednesday, 14 February 2024 12:00 AM

හානේ වැට කැඩිලා වගේ ?

:       0       3

Perera Wednesday, 14 February 2024 03:40 AM

ඕකුන්ගේ සහාය ගන්න කීය ගානේ එකෙකුට දුන්නද කියලා කියන්නකෝ

:       0       6

ලමයි Wednesday, 14 February 2024 05:50 AM

මරු කියනවා පිස්සුවෙන් වගේ

:       0       4

චින්තක Wednesday, 14 February 2024 06:04 AM

ඇත්තටම දේශපාලනයේදී විවිධ පැතිවලට යමින් සිටියත් පාඨලී මැතිතුමා වගේ දුරදක්නා අය රටට සේවයක් කරන්න පුළුවන් අය තමයි සාමාන්‍යයෙන් ජාතික ලැයිස්තු ක්‍රමය ජනතා සේවය සදහා ඇතිකල එකක් නම් කුමන ආණ්ඩුව පත්වුනත් එවැනි දක්ෂයන් අරගෙන ඇමති තනතුරු දුන්නොත් රටේ සංවර්ධනය වේගවත් කරන්න පුළුවන් කියලා හිතෙනවා

:       0       4

sam Wednesday, 14 February 2024 09:06 AM

අනේ මේ අර පියල් නිශාන්තයානේ කියලා තියෙන්නේ .සනත් නිශාන්තයාගේම අච්චුවේ ගොබ්බයෙක්නේ

:       1       8

වික්‍රමපක්ෂ Wednesday, 14 February 2024 02:54 PM

පියල් UNP කෙනෙක්ද?

:       1       2

Sarath Thursday, 15 February 2024 11:36 AM

චන්දයක් එනකොට ගහන පරණ තැටිය මේක තමයි .රට කාලා ඉවර කරලා ගෙම්බෝ පනිනකල් බලාගෙන ඉන්නවා

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 208 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 167 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 967 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site