IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


සජිත් - ජයශංකර් හමුවක්

(නිමල කොඩිතුවක්කු)

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස්. ජයශංකර් මහතා සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අතර සුවිශේෂී හමුවක් අද කොළඹ දී සිදු විය.

ළඟම අසල්වැසියා වන ඉන්දියාවෙන් මෙරටට ලැබුණු ආධාර, උපකාර සම්බන්ධයෙන් සිය ස්තූතිය පිරිනමන බවත් සියවස් ගණනාවක් පුරා දෙරට අතර තිබූ ඒ මිත්‍රශීලීත්වය ඉදිරියටත් ඒ ආකාරයෙන්ම නොවෙනස්ව පවත්වා ගත යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයා වෙත එහිදී පැවසීය.

සමගි ජන බලවේග රජයක් තුළ ද ඉන්දියාව සමඟ ඇති ඒ අන්තර් සම්බන්ධතාව නොවෙනස්ව පවත්වාගෙන යන බවත් ඔහු සඳහන් කළේය.

ශ්‍රී ලංකාවේ නිවාස ව්‍යාපෘති සඳහා මෙන් ම සුවසැරිය ගිලන් රථ සේවාව සඳහා ඉන්දීය රජයෙන් ඒ ලැබුණු දායකත්වය කිසිදා අමතක නොකරන බව ද විපක්ෂ නායකවරයා මෙහි දී පැවසීය. ඉන්දීය රජයේ අධ්‍යාපන ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් අදහස් පළ කරමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කියා සිටියේ ඉන්දියාවේ මෙන් සුහුරු අධ්‍යාපනයක් හා නව ලොවට ගැලපෙන අධ්‍යාපන ප්‍රතිපත්තියක් ශ්‍රී ලංකාවේ ද නිර්මාණය කිරීම තම අරමුණ බවයි.

 

 

 



අදහස් (4)

සජිත් - ජයශංකර් හමුවක්

chandima Thursday, 20 June 2024 07:52 PM

ඒ ඇරෙන්න මේ ආර්ථික ප්‍රපාතයෙන් ගොඩ එන්න විදිහක් එහෙම සාකච්ඡා කරන්න තරම් දැනුමක් තිබිලා නැහැ වගේ..

:       4       16

අරවින්ද මොනරවිල Thursday, 20 June 2024 08:19 PM

ජයශංකර් තවම කල්පනා කරනවා ඇති සජිත් කිව්වේ මොනවද කියලා

:       5       13

amila Friday, 21 June 2024 01:02 AM

ජයශංකර්ට හිතෙන්න ඇති නියමෙට අන්දවලා ලණුව දාන්න පුළුවන් බුවෙක් කියලා

:       0       0

වෙත්තමුණි Friday, 21 June 2024 12:51 PM

අසෝක් ලේලන්ඩ් බස් එකක් ඉල්ලන්න ඇති අනිවාර්යයෙන්ම. රටක් දියුණූ කරන්න තරම් ලොකු ලොකු අදහස් නැතිපුතානේ.

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 527 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 269 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1068 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site