IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


සජිත් එන්නැති එක ’’ෂෝක්’’

(අංජුල මහික වීරරත්න)

ජනාධිපතිවරයා සමග සජිත් ප්‍රේමදාස එකතු වෙන්නේ නැතැයි කියන කතාව අසා තමා ඉතා සතුටට පත් වූ බව එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් පාලිත රංග බණ්ඩාර මහතා මාධ්‍ය හමුවකදී පැවසීය.

සජිත් ප්‍රේමදාස  මහතා නැවත එක්සත් ජාතික පක්ෂයට එකතු වන්නේ නැතැයි කීම එක්සත් ජාතික පක්ෂයට ද විශාල සහනයක් බව කී මහලේකම්වරයා සජිත් නැතිවීම යනු එජාපයේ හූනියම අවසන් වීම බවද සඳහන් කළේය.

එක්සත් ජාතික පක්ෂය සමඟ සබඳතා පවත්වන සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන්ට සජිත් ගේ නොපැමිණීම බාධාවක් නොවනු ඇතැයි ද එජාප මහලේකම්වරයා සඳහන් කළේය.

රනිල් -සජිත් කිසි දිනක එකතු නොවෙන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් කළ අතර ඊට පිළිතුරු දෙමින් එජාප මහ ලේකම්වරයා පිටකෝට්ටේ සිරිකොත එජාප මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවේදී මේ බව සඳහන් කළේය.



අදහස් (7)

සජිත් එන්නැති එක ’’ෂෝක්’’

Kazi Shajahan Tuesday, 12 December 2023 04:33 PM

රනිලුත් නැතිව, සජිතුත් නැතුව UNP එකත් නැතිව ඡන්දෙ ආවොත් හොඳයිනේ...!

:       0       0

Aravinda Monarawila Tuesday, 12 December 2023 04:35 PM

රට මේ තරම් විපතට පත්වෙලා තියෙන මොහොතක තවම සිඟිති ආතල් ගන්නවා.

:       0       0

podi hadaya Tuesday, 12 December 2023 05:25 PM

ඔයාගේ ඔය හැකර කටත්, UNP යත් ලබන ඡන්දෙන් පස්සේ ඉවර වේවි මහත්තයෝ...!

:       0       0

Dharmatileke Tuesday, 12 December 2023 07:54 PM

මොකද ඔහේ පාර්ලිමේන්තුවේ නැත්තේ...? බල්ලගෙ වැඩේ බූරුවා කරලා වුණදේ දන්නවද? නැතුව ඇති...

:       0       0

නිමල් Tuesday, 12 December 2023 08:26 PM

අනේ වොඩ්කා මහත්තයෝ ඔයාලා හිතාගෙන ඉන්නේ රටේ ජනතාව වැඳගෙන ඉන්නවා කියලා. පුළුවන් නම් ඔබලාගේ ආරක්‍ෂාව නැතිව පාරේ බැහැලා යමල්ලා බලන්න මොකද වෙන්නේ කියලා බලන්න. යන්න අලුත් අපායවල් හැදෙනවා...

:       0       0

chandima Wednesday, 13 December 2023 01:03 AM

අපේ ටෝමියාටත් ඉඳලා හිටලා මස් කට්ටක් දුන්නාම හතර අතේ බුරනවා

:       0       0

චාන්දනී Wednesday, 13 December 2023 08:28 AM

ඇයි ගියපු පැත්ත සුනාමියට අහුවුනා වගේ සෝදාපාලුවට පත්වෙන තිත්ත උන්නැහේ ගැනත් එහෙම කිව්වට වරදක් නැහැ ලේකම්තුමා ඒත් හර්ෂ,ෆොන්සේකා , පාඨලී වගේ කීපදෙනෙක් හොද අය ඉන්නවා එහි සිටින එවැනි හොදයි කියන්න පුළුවන් අය ආවොත් සාමාජික කැමැත්ත අනුව ගන්නවා නම් හොදයි

:       1       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 118 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 146 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 949 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site