IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


සජිත්ට-රංජිත්ට එරෙහි පෙත්සම විසිවෙයි

(මනෝප්‍රිය ගුණසේකර)

සමගි ජනබලවේගය පක්‍ෂයේ සභාපති සජිත් ප්‍රේමදාස සහ එහි මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහත්වරුන්ට එම ධුර  දැරීමට නිත්‍යානුකූල හැකියාවක් නොමැති හෙයින් එම ධුරවල කටයුතු කිරීම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කිරීම කොළඹ දිසා විනිසුරු සඳුන් විතාන මහතා අද (24) ප්‍රතික්ෂේප කළේය.

සජිත් ප්‍රේමදාස සහ රංජිත් මද්දුමබණ්ඩාර මහත්වරුන් සමගි ජනබලවේගය පක්‍ෂයේ තනතුරු වල කටයුතු කිරීම වළකාලන අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලමින් රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ මහත්මිය ගොනුකළ පෙත්සමකට අදාළ තීන්දුව දෙමින් දිසා විනිසුරුවරයා අතුරු තහනම් නියෝගයක් නිකුත් කිරීම ප්‍රතික්ෂේප කළේය.

ඩයනා ගමගේ මහත්මිය ගොනුකළ පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් සමගි ජනබලවේගය පක්‍ෂයේ සභාපති සජිත් ප්‍රේමදාස සහ එහි මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහත්වරුන් නම් කොට තිබිණී.

සජිත් ප්‍රේමදාස සහ රංජිත් මද්දුම බණ්ඩාර යන මහත්වරු එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකත්වය දරන බවත් ඒ සම්බන්ධයෙන් ඔවුන් පැවරූ නඩු අධිකරණ වල තවමත් විභාග වෙමින් පවතින බවත් සඳහන් කරන ඩයනා ගමගේ මහත්මිය සමගි ජන බලවේගයේ ව්‍යවස්ථාවට අනුව  වෙනත් පක්ෂයක සාමාජිකත්වය දරන පුද්ගලයින්ට සමගි ජන බලවේගයේ සාමාජිකත්වය දැරිය නොහැකි බවද පෙන්වා දුන්නාය.

වගඋත්තරකාර සජිත් ප්‍රේමදාස සහ රංජිත් මද්දුම බණ්ඩාර යන මහත්වරු වෙනත් පක්ෂයක සාමාජිකත්වය දරන හෙයින් ඔවුන්ට සමගි ජන බලවේගයේ සාමාජිකත්වය මෙන්ම තනතුරු දැරීමට හැකියාවක් නොමැති බවට තීන්දු කොට ඔවුන් එම ධුර වල කටයුතු කිරීම වළක්වාලන අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා සිටියාය.

මේ සම්බන්ධයෙන් පැවැති දීර්ඝ විභාගය අවසානයේදී සිය තීන්දු ප්‍රකාශයට පත් කළ දිසා විනිසුරුවරයා පෙත්සම්කාරිය ඇතැම් කරුණු වසන් කිරීමට කටයුතු කර ඇතැයයි අනාවරණය වී ඇතැයි පෙන්වා දුන්නේය.

වගඋත්තරකරුවන් අදාළ ධුරවල කටයුතු කිරීම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කිරීම ප්‍රතික්ෂේප කළ දිසා විනිසරුවරයා නඩුවට අදාල උත්තර ලබන වසරේ පෙබරවාරි 12 වැනිදා ගොනු කිරීමට පාර්ශවකරුවන්ට නියම කළේය”



අදහස් (1)

සජිත්ට-රංජිත්ට එරෙහි පෙත්සම විසිවෙයි

fairoos Sunday, 26 November 2023 12:44 PM

අනේ පව්.. ගලි බවුසර්.. ඊළඟ ඡන්දෙට තවත් අලුත් පක්ෂයකින් තමයි එන්න වෙන්නේ.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 19 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 820 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 601 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site