IMG-LOGO

2025 ඔක්තෝබර් මස 31 වන සිකුරාදා


‘‘සජිත්ට අපේක්ෂත්වය නොලැබුණොත් වෙනම තරග කරන්න සැලසුම් සකස් කරනවා‘‘

(මහේෂ් කිර්තිරත්න)

එක්සත් ජාතික පක්ෂයෙන් ඉදිරි ජනාධිපතිවරණය සඳහා සජිත් ප්‍රේමදාස මහතාට අපේක්ෂත්වය ලබා නොදුනහොත් වෙනම පක්ෂයකින් තරග කිරීමට අවශ්‍ය සැලසුම් සකස් කරමින් පවතින බව මාතලේ මහ නගරාධිපති ඩල්ජිත් අලුවිහාරේ මහතා අද (03) පැවසීය.

ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ මාතලේ මහ නගර සභාවේ සිය කාර්යාලයේදී පැවති මාධ්‍ය හමුවකට සහභාගි වෙමිනි.

වැඩිදුරටත් අදහස් දැක්වූ නගරාධිපතිවරයා මෙසේද පැවසීය.

        ‘‘සජිත් ප්‍රේමදාස මහතා ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් කරන ලෙසට යෝජනාවක් ඉදිරි දින කිහිපය තුළ මාතලේ දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂයේ බල මණ්ඩලය කැඳවා සම්මත කරනවා.

ඒ පිළිබඳව සාකච්ඡාවක් පසුගියදා අපි තිබ්බා.ඒ දිස්ත්‍රික් නායක රාජ්‍ය අමාත්‍ය  වසන්ත අලුවිහාරේ,රාජ්‍ය අමාත්‍ය රංජිත් අවිහාරේ,පාර්ලිමෙන්තු මන්ත්‍රි රෝහිනි කවිරත්න,දඹුල්ල සංවිධායක ප්‍රියාන් විජේරත්න  යන පිරිස සහ දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතනවල අපේ පක්ෂයේ පිරිස්.ඒ සඳහා සියලු දෙනාගේම සහය ලබා ගන්නා බවද නගරාධිපතිවරයා පැවසීය.

අපි පක්ෂයක් ලෙස අනිවාර්යෙන් සජිත් ජනාධිපතිධූරය සඳහා දාන්න ඕන.නැත්නම් පක්ෂය දියාරුවෙලා යයි.අගමැති රනිල් වික්‍රමසිංහ මහතා කියන්නේ ලංකාවේ ඉන්න පරිණත දේශපාලනඥයෙක්.එතුමා කිසි කිනෙක් විවේචනය කරන්නෙත් නැහැ.බනින්නෙත් නැහැ.ඒ නිසා එතුම කලබල වෙන්නේ නැහැ.නිසි වෙලාවට ඒ තින්දුව ගනිවි.අවුරුදු 25ක් තිස්සේ අපිට ජනපති කෙනෙක් බිහි කරන්න බැරිවෙලා තියනවා.

ඒ අභීයෝගය අපි 2020 ගන්න ඕන.හෙට අනිද්දාට මැතිවරණ කොමිසම විසින් දිනය ප්‍රකාශයට පත් කරාවි.අපි පක්ෂයක් ලෙස විශාල වැඩ කොටස් සිදු කළා.නමුත් ඇමතිවරුන්ට ඒ දේවල් කියන්න බැරිවෙලා තියනවා.

විපක්ෂයේ අය ඕන දෙයක් කියනවා.කරු ජයසුරිය කතානායකවරයා හොද චරිතයක් ඒ වගේම පරිණත දේශපාලනඥයෙක් මේ නිසා එතුමා මේ පක්ෂයට රටට තියන ආදරේට එතුමා අපෙක්ෂකම ඉල්ලන්නේ නැහැ.

අද මහින්දගේ ජනප්‍රියතාවයෙන් තමයි ගෝඨාභය රාජපක්ෂ මහතාට රැල්ල හැදිලා තියෙන්නේ වෙන කාරණයක් නිසා නෙවේ.

එකිනෙකාගේ දක්ෂතා තියනවා.සජිත් ප්‍රේමදාස මහතාට එක අවස්ථාවක් ලබා දිය යුතුයි.ජනාධිපතිකම ලබා දි අපි වැඩ කරන හැටි බලමු.එයා හොද නැත්නම් වෙන කෙනෙක් ප්‍රජාතන්ත්‍රවාදිව තෝරා පත් කර ගන්න ජනතාවට පුළුවන් යැයිද ඒ මහතා පැවසීය.

සජිත් එනවා රැලි මාලාවේ රැළියක් ඉදිරියේදී මාතලේ පැවැත්වීමටද සැලසුම් කර ඇති බවත් කුමන බාධක පැමිණියත් සජිත් ප්‍රේමදාස මහතා ජනපති අපෙක්ෂකයා ලෙස ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බවත් තමන් සජිත් පාර්ශ්වයේ සිටින ළගම කෙනෙකු ලෙස අවධාරණය කරන බවත් අලුවිහාරේ මහතා පැවසිය.‘‘

 

 

 

 

 

 

 



අදහස් (0)

‘‘සජිත්ට අපේක්ෂත්වය නොලැබුණොත් වෙනම තරග කරන්න සැලසුම් සකස් කරනවා‘‘

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1766 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1451 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 520 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site