IMG-LOGO

2025 සැප්තැම්බර් මස 12 වන සිකුරාදා


සංචාරක ව්‍යාපාරයට මිලියන 4.9 ක්

( තිළිණි ද සිල්වා )
කොවිඩ් 19 හේතුවෙන් බිඳ වැටුණු මෙරට සංචාරක ව්‍යාපාරය නංවාලීම සඳහා යූරෝ මිලියන 4.9 ක ප්‍රදානයක් ලබාදීමට යුරෝපා සංගමය තීරණය කර ඇතැයි සංචාරක අමාත්‍යාංශය අද (08) පැවසීය. 

මෙම  ප්‍රදානය ඉතා කඩිනමින් ශ්‍රී ලංකාවට ලබාදෙන බවට ද යුරෝපා සංගමයේ ශ්‍රී ලංකා තානාපති ඩෙනිස් චායිබි මහතා සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතාට සහතික වූ බවද එම අමාත්‍යාංශය වැඩිදුරටත් කියා සිටී.

මෙරට සංචාරක ව්‍යාපාරය නංවාලීම සඳහා ගතයුතු පියවර සම්බන්ධයෙන් යුරෝපා සංගමයේ ශ්‍රී ලංකා තානාපති ඩෙනිස් චායිබි මහතා සහ සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා අතර අද  (07)සංචාරක අමාත්‍යංශයේ දී පැවැති සාකච්ඡාවක් පවත්වා ඇති එහිදී යුරෝපා සංගම් තානාපතිවරයා මේ බව සහතික වී ඇත.

යුරෝපා සංගම් තානාපතිවරයා මෙහිදී කියා සිටියේ සංචාරක කේෂ්ත්‍රයේ සංවර්ධනය සඳහා ප්‍රධාන කේෂ්ත්‍ර 07ක් සඳහා මෙම ප්‍රදානය ලබාදීමට අපේක්ෂා කරන බවත් ඒ අනුව සංචාරක මාර්ගෝපදේශ සංග්‍රහයක් සැකසීම, ශරීර සුවතා සංචරණය, සංචාරක කේෂ්ත්‍රයේ නිරත සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ට සහාය දීම,කේෂ්ත්‍රයේ නියුතු ද වූවන්ගේ සෞඛ්‍ය හා පුහුණු කටයුතු, සමාජ ආරක්ෂණ වැඩසටහන් හා ප්‍රජා පාදක සංචාරක කර්මාන්තය නංවාලීම වෙනුවෙන් මෙම ප්‍රදානය හිමිවන බවය.



අදහස් (6)

සංචාරක ව්‍යාපාරයට මිලියන 4.9 ක්

sam Tuesday, 08 September 2020 09:08 AM

නියමයි බැංකු ගිණුම් වැඩිකරගන්න පුළුවන්. දෙන දෙවියෝ ගෙදරටම ගෙනල්ලා දෙනවා කියන්නේ මේවට තමයි.

:       228       505

විජිත් Tuesday, 08 September 2020 09:31 AM

බඩාගේ මුහුණේ තියෙන පෙරේත හිනාව... මෝඩයා හිතාගෙන ඉන්නේ සල්ලි චෙක් එකකින් දෙයි කියලා. ඒ කාලේ ඉවරයි. මුන් හොරු කියලා මුළු ලෝකෙම දන්නවා...

:       155       542

kamal Wednesday, 09 September 2020 09:07 AM

මේකට වරායේ මොන කෑල්ලද දෙන්නේ?

:       115       210

de silva Wednesday, 09 September 2020 01:10 PM

යුරෝපා සංගමයට පිස්සුද කොහේද? ගුවන් තොටුපළ වහලා තිබෙන වෙලාවේ මොන සංචාරක ව්‍යාපාරද? කරුණාකර මෙම මුදල් වියදම් කරලා රටේ නිරෝධායන මධ්‍යස්ථාන වැඩිකරලා පිටරටවල මහපාරේ... අනාථ කඳවුරුවල දුක් විඳින අපේ පුරවැසියන් ටික ගෙන්වා ගන්න.

:       73       1143

Nimal siripaalaSunday, 13 September 2020 11:24 AM

ඔහේට පිස්සුද? පිටරටවල මහපාරේ ඉස්සරත් මිනිස්සු හිටියා නීත්‍යානුකූල නොවන විදිහට ගිය... ඒ මිනිස්සු ගෙනැල්ලා මේ රටේ කොරෝනා වැඩිකරන්න බැහැ.

:       0       6

chandima Thursday, 10 September 2020 12:35 AM

මේ මුදලින් කල යුතු වැඩ එමටයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 177 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 55 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 746 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site