IMG-LOGO

2025 ඔක්තෝබර් මස 28 වන අඟහරුවාදා


සංචාරකයන් රැගත් බසයක් දුම්රියක ගැටේ

(සුමිත් පොතුපිටිය)

සංචාරකයන් පිරිසක් රැගත් බස්රථයක් අද අළුයම වස්කඩුවේ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ගයක් හරහා ගමන් කිරීමේදී දුම්රියක ගැටී අනතුරක් සිදුවූවත් දෙපලක් සුළු තුවාල ලබා ඔවුන් බේරී ඇතැයි කළුතර උතුර පොලිසිය පවසයි.

මෙසේ අනතුරට ලක්ව ඇත්තේ කටුනායක ගුවන් තොටුපළ දක්වා සංචාරකයන් පිරිසක් ප්‍රවාහනය කරමින් සිටි බස් රථයක් බව පොලිසිය කීය.

අලුත්ගම සිට හලාවත දක්වා ගමන් කරන අංක 8304 දරණ බලවේග කට්ටල දුම්රිය මෙසේ අනතුරට මුහුණ පා ඇත.

චෙක් රාජ්‍ය බලා පිටත්වීමට නියමිත පිරිසක් එක් හෝටලයකින් රැගෙන තවත් හෝටලයක සිටින සංචාරකයන් පිරිසක් රැගෙන යාමට යමින් සිටියදී අනතුර සිදුව තිබේ.

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොලෙන් පෙරවරු 9 ට පිටත්වීමට නියමිත ගුවන් යානයකට රැගෙන යන සංචාරකයන් පිරිසක් බවද සදහන් වේ.

අනතුරෙන් බස් රථයට දැඩි හානි සිදුව ඇති අතර, දුම්රියටද හානි සිදුව තිබුණි .

දුම්රිය අනතුරක් සමගින් මුහුදුබඩ දුම්රිය මාර්ගයේ දුම්රිය ගමනාගමනය එක් මංතීරුවක මුළුමනින්ම ඇණහිට තිබේ.

 



අදහස් (5)

සංචාරකයන් රැගත් බසයක් දුම්රියක ගැටේ

මැක්ස් Wednesday, 29 November 2023 06:11 AM

වස්කඩුව කියන්නෙ කොළඹට කිට්ටු කලුතර දිස්ත්‍රික්කයේ නාගරික පෙදෙසක්. එවැනි ස්ථානයකත් අනාරක්ෂිත ගේට්ටු තියෙනවා කියන කාරණය ගැන දුම්රිය දෙපාර්තමේන්තුව ලැජ්ජා වෙන්න ඕන.

:       1       17

පියනන්ද Wednesday, 29 November 2023 08:00 AM

ලංකාවේ සංචාරක කර්මාන්තය නඟා සිටුවන්න පම්පෝරි ගහන අය කරන්නේ මොනවාද? කිසිම දියුණුවක් නෑ පහසුකම් වල... ආරක්ෂාව බිංදුවයි. ටුවරිස්ට් ගයිඩ්ලා සංචාරක විදේශීය කාන්තාවන් දූෂණය කරනවා. කැමරා සල්ලි ආබරණ කොල්ල කනවා. පාරේ වාහන ගෙනියන්නේ බල්ලෝ වගේ. පුළුවන් හැම තැනින්ම ගසා කනවා. කයිවාරුව නම් අහස උසට. ආපු සංචාරකයෝ ගාණ ගණන් කරකර හිටපල්ලා.

:       0       18

Aravinda Monarawila Wednesday, 29 November 2023 08:15 AM

රටේ මේ වගේ දහසක් අඩුපාඩු තියෙනවා... ඒවාගැන වගේ වගක් නැතිව පිනා සංචාරකයෝ ලක්ෂ 50ක් ගෙන එන්න කතා කරනවා මේ වගේ මරු කටකට එන්න තරම් පිස්සු හැදුණු සංචාරකයෝ ලෝකෙ දැන් නැහැ.

:       2       18

Dewa Wednesday, 29 November 2023 02:01 PM

කෝ අපේ සංචාරක ඇමති .මට වැරදුනා .එයා දැන් ක්‍රිකට් බලන්න ඕනේ නේ.සංචාරක අඩුපාඩු බලන්න වෙලාවක් නැතිව ඇති .අනික් මහත්තයා බන්දුල .එයත් දැන් wekonomix පටන් ගෙන මෙයාලට වෙලා නැතිව ඇති

:       1       9

Perera Wednesday, 29 November 2023 05:24 PM

ලංකාව ගැන සුපිරි පබ්ලිසිටියක් චෙක් රිපබ්ලික් එකට දෙයි මේ සංචාරකයෝ ටික...

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1531 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1349 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 487 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site