IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


සංචාරකයන් මිලියන 5ක් ගෙන්වන සැලසුම කඩිනම් කරයි

(අංජුල මහික වීරරත්න)

ඉදිරියේ දී වාර්ෂිකව සංචාරකයන් මිලියන පහක් මෙරටට ගෙන්වා ගැනීමේ ඉලක්කය සපුරා ගැනීමේ වැඩපිළිවෙළ කඩිනම් කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

ජනාධිපතිවරයා මෙම උපදෙස් ලබා දුන්නේ ශ්‍රී ලංකාව ප්‍රධාන සංචාරක ගමනාන්තයක් ලෙස ගොඩනැඟීම සඳහා අවශ්‍ය නිර්දේශ ඉදිරිපත් කිරීමට පත්කළ කමිටුවේ සාමාජිකයන් ඇතුළු නිලධාරීන් සමඟ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේදීය.

ශ්‍රී ලංකාව සංචාරකයන්ට ආකර්ෂණීය සහ සුව පහසු ගමනාන්තයක් බවට පත් කිරීම සඳහා වන කෙටිකාලීන, මධ්‍ය කාලීන හා දිගු කාලීන සැලසුම් පිළිබඳ මෙහිදී දිර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි. මෙරට සංචාරක කර්මාන්තය නඟා සිටුවීමට අදාලව සකස් කර තිබෙන සැලසුම් සහ ඒ වෙනුවෙන් පෞද්ගලික අංශයේ භූමිකාව පිළිබඳ මෙහිදී ජනාධිපතිවරයා නිලධාරීන්ගෙන් කරුණු විමසීය.

මෙහිදී අදහස් දැක්වූ සංචාරක හා ඉඩම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා කීවේ ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ආසියා කුසලාන තරගාවලිය ඉලක්ක කරගෙන සංචාරක ප්‍රවර්ධන වැඩසටහන් රැසක් සැලසුම් කර ඇති බවයි.

 



අදහස් (9)

සංචාරකයන් මිලියන 5ක් ගෙන්වන සැලසුම කඩිනම් කරයි

Perera Friday, 18 August 2023 07:21 AM

එහෙම කරන්න ඉස්සෙල්ලා විදේශ සංචාරයකයෙකුට යන්න පුළුවන් පරිදි වැසිකිලි ටික වත් හරියට ඉදිකරන්න

:       1       18

hemantha Friday, 18 August 2023 07:25 AM

රටේ ප්‍රධාන ගුවන්තොටුපල තියෙන අවට පිහිටා ඇති අවරියවත්ත බස් ස්ටෑන්ඩ් එක නවීකරණය කිරීමට මෙතෙක් කිසිවෙකුගේ අවදානය යොමු වී නැත්තේ මන්ද?

:       0       17

Aruna Friday, 18 August 2023 07:52 AM

සංචාරකයන් ලක්ෂ පහක් ගෙන්වන සැලසුම කඩිනම් කරයි! ලක්ෂය සහ මිලියනයේ වෙනස හිත ගන්න බැරි EDITING!

:       1       9

email Friday, 18 August 2023 08:42 AM

මාතෘකාව සහ අන්තර්ගත වෙනස, මිලියන 5ක් හෝ ලක්ෂ 5ක්.

:       0       10

KOTIYA Friday, 18 August 2023 09:18 AM

කවුද බන් මේවා ලියන්නේ? මිලියන 5ක් කියන්නේ ලක්ශ පනහක්. ලක්ශ පහක් කියන්නෙ මිලියන බාගයයි.

:       0       10

අරවින්ද මොනරවිල Friday, 18 August 2023 09:53 AM

අතවශ්‍ය ඖෂධ නැහැ තියෙන එවාත් තත්වයෙන් බාලයි, ආහා ද්‍රව්‍ය ගිනි ගණන් රට තුල කිසිම ආරක්‍ෂාවක් නැහැ මිනිමැරුම් මංකොල්ලකෑම් ඝාතන වැනි අපරාධ බහුලයි එහෙව් රටකට එන්න තරම් ඔලුව හොද නැති එවුන් ඉන්නවා නම් ලංකාවට එයි.

:       3       18

කිරිපුතා Friday, 18 August 2023 11:36 AM

ගුවන්තොටුපළ ඉතාම අකාර්යක්ෂම විදිහට වැඩ කරන්නේ. සේවකයින් එහෙට මෙහෙට යනවා. මිනිසුන්ට ගරු කරන්නේ නෑ. පිළිවෙලක් නෑ. පළමුව එතැන හදාගත යුතුයි...

:       0       8

Rata Perata Friday, 18 August 2023 11:51 AM

මේවා නිකන් කතා විතරයි. මේ ඇමැතිගේ සොනික් කතාව මතකයිනේ... කොහොමද පාර්ලිමේන්තුවේ දාපු සද්දේ? දැන් කොහොමද ඔය රනිල්ගේ හුරතල්, බලු කුක්කා වගේ ඉන්නේ...? මොවුන්ගේ අනිත් වැඩත් ඔහොම තමයි. දැක්මක් නෑ. නිකන් කයිවාරු විතරයි ...

:       1       11

de silva Friday, 18 August 2023 08:53 PM

පොදු ප්‍රවාහන සේවයක් නැති මම දැකපු ලෝකයේ එකම ගුවන් තොටුපළ කටුනායක, සේවකයෝ ඉබාගාතේ ඇවිදිනවා.. මිනිස්සු පැයගණන් පෝලිම් වල දුක් විඳිනවා. මේක හරක් මඩුවක් වගේ කියන්නේ ඇමැතිනේ... ඉස්සරවෙලා මේවා හදාගෙන ඉන්න.

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 376 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 223 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1017 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site