(යොහාන් භාසුර)
සංචාරකයින්ට ‘ඊ වීසා’ නිකුත් කිරීම අද (17) සිට ක්‍රියාත්මක කරන බව ආගමන විගමන පාලක ජනරාල් හර්ෂ ඉලුක්පිටිය මහතා පැවසීය.
මෙම ව්‍යාපෘතිය ආරම්භයේදී භාෂා පහකින් ‘ඊ වීසා’ අයදුම් කිරීමේ හැකියාව අඇති බවත් ඒ අනුව ඕනෑම රටක සිට ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයින්ට පමණක් ඊ වීසා නිකුත් කරන බවත් ඉලුක්පිටිය මහතා කීය.
සියලුම වීසා වර්ගවලට ඔන්ලයින් තාක්ෂණය පාවිච්චි කර අයදුම් කිරීමේ හැකියාව ඇති කරන බවත් රටේ ජාතික ආරක්ෂාව ගැන සැලකීමේදී වඩාත් වැඩි ලේඛන ප්‍රමාණයක් ගැනීම ආදිය සළකා භාෂා 5 කින් ක්‍රියාවලිය පවත්වාගෙන යන බවත් ඒ මහතා සඳහන් කළේය.
ඉදිරි සති කිහිපය තුළ අධ්‍යාපනික සහ ව්‍යාපාරික ආදි සියලු වීසා කාණ්ඩවලට මෙම ක්‍රමය හඳුන්වා දීමට බලාපොරොත්තු වන බව කී ඉලුක්පිටිය මහතා නිත්‍ය පහසුකම් වීසා සඳහා තොරතුරු ලබාගෙන තාක්ෂණයෙන් දියුණු ක්‍රම භාවිතයට ගැනීමට නියමිතව බව ද ඒ මහතා සඳහන් කළේය.
2025 දෙසැම්බර් මස 18
416
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
237
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1025
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
සංචාරකයින්ට අද සිට ‘ඊ වීසා’