IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


සංචාරකයාට පහර දුන් දෙදෙනා අත්අඩංගුවට

(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)

පොතුවිල් අරුගම්බේ  ප්‍රදේශයේ පිහිටි හෝටලයකින් දිවා ආහාර ගෙන ඒ සඳහා රුපියල් පන්සීයක 500 ක මුදලක් නොගෙවූ බව කියමින් ස්වීඩන් ජාතික සංචාරකයෙකුට පොල්ලකින් සහ අතින් පයින් පහර දුන් බව කියන එම හෝටලයේ අයිතිකරු හා තවත් අයෙකු පොතුවිල් පොලිසිය විසින් ඊයේ 19 වැනිදා සැකපිට අත්අඩංගුවට ගනු ලැබූහ

මෙම ස්වීඩන් ජාතික ස්විඩන් ජාතිකයා උදෑසන ආහාරය ලබාගෙන ඒ වෙනුවෙන් රුපියල් 500ක මුදලක් නොගෙවා මගහැර සිටියදී  හෝටලය අසලින් ගමන් කරන අවස්ථාවේඔහු දැක මෙම පහරදීම සිදු කර ඇතැයි ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය

 පහරකෑම් වලින් බේරීමට මාර්ගය  හරහා දිව යද්දී කාර් රථයක ගැටීමෙන් මෙම ස්වීඩන්  ජාතිකයා  රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබමින් පසුවෙයි

මෙමහෝටලයෙන් උදෑසන ආහාරය  ලබා ගැනීම වෙනුවෙන් රුපියල් පන්සීයක මුදල ගෙවීමට ශ්‍රී ලංකා මුදල් නෝට්ටු නොතිබූ නිසා එම මුදල ගෙවීමට නොහැකි වූ බව ස්වීඩන් ස්වීඩන් ජාතිකයා පොලීසියට පවසා ඇතැයි කියති

මෙම ස්වීඩන් ජාතිකයන් සතුව තිබූ රුපියල් 302,300ක් වටිනා ජංගම දුරකතනය සහ ශ්‍රී ලංකා මුදලින් රුපියල් 99,000වටිනා යුරෝ 300ක් ද කොල්ල කා ඇති බව ඔහු පොලිසියට පැමිණිලි කර ඇත

නැගෙනහිර පළාත් භාර ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වසන්ත කිත්සිරි ජයලත් මහතාගේ අධීක්ෂණය යටතේඅම්පාර කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජයන්ත රත්නායක මහතාගේ උපදෙස් මත  pottuvil පොලිසියේ නිලධාරීන්  කණ්ඩායමක් සැකකරුවන් දෙදෙනා සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වාගෙන යයි



අදහස් (1)

සංචාරකයාට පහර දුන් දෙදෙනා අත්අඩංගුවට

Perera Tuesday, 21 March 2023 02:58 AM

රුපියල් 500ක් අතේ නැති සුද්දොද ලංකාවෙ සංචාරයට එන්නෙ?????

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 433 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 241 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1031 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site