IMG-LOGO

‘සැඟවී සිටින ඇගලුම්හලේ සේවකයන්ට එරෙහිව නීති පියවර ගන්නවා’

(ඉන්දිකා රාමනායක)
 
පොලිසිය ලබා දී ඇති නියෝග අනුව මෙතෙක් ඉදිරිපත් නොවු  මිනුවන්ගොඩ ඇගලුම් කම්හලේ සේවක පිරිසට  සහ  ඔවුන් සඟවාගෙන සිටින පුද්ගලයන්ට එරෙහිව  නිරෝධායන අනුව දැඩි නීතිමය ක්‍රියා මාර්ග ගන්නා බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ  මහතා පැවසීය.
 
පොලිසියේ නිවේදනය නොකතා මෙම සේවක සේවිකාවන් කිසියම් පිරිස් සගවාගෙන සිටින්නේ නම් එම ස්ථාන තහනම් කරන බවත්, වාහන වලින් ප්‍රවාහන කර ඇත්තේ නම් එම වාහන ධාවනය ද තහනම් කරන බව  අජිත් රෝහණ මහතා කීය.  



අදහස් (12)

‘සැඟවී සිටින ඇගලුම්හලේ සේවකයන්ට එරෙහිව නීති පියවර ගන්නවා’

විජිත් Thursday, 08 October 2020 10:03 AM

සමාජයේ ආරක්ෂාවට ගරුකිරීමට අපි හැමෝම රටවැසියන් ලෙස බැඳී සිටිනවා. ඒකෙ දෙකක් නැහැ. මේ අය ලොකු පීඩනයකට පත්වෙලාද කියලත් හිතෙනවා. ඒ වගේම අජිත් රෝහණ මහත්මයා වැනි ' හිතවත් ' පොලිස් නිලධාරියෙක්ගෙන් අහන්න මටත් ප්‍රශ්න දෙකතුනක් තියෙනවා. ඇත්තටම ඔය ඇඳුම් නිෂ්පාදන ආයතනයේ සිදුවුනේ කුමක්ද..? දොස්තරවරුම කියනවා මේ වයිරසය සැප්තැම්බර් අවසන් සතියේ මුල ඉඳලාම තිබුණු එකක් කියලා. ඒ වගේම ඉන්දියාවෙන් මේ ෆැක්ටරියට ආවේ ඉන්දියන් ජාතිකයින්ද එහෙ වැඩකරන ශ්‍රී ලාංකිකයින්ද...? චාටර් ගුවන් යානා 3 කින් ගෙනාපු අය "හරිනම්" මේ අය මේ මොහොතේදීත් නිරෝධායන මධ්‍යස්ථානයක සිටිය යුතුයි. ඒ අය සිටින තැන හෝ ඒ අය කවුද කියා හෝ නොකියන්නේ ඇයි...? ලංකාවට පැමිණි වහාම " නිරෝධායනය " නොකරම කෙලින්ම රැකියා ස්ථානයට යන්නට ඔවුන්ට ' ආවරණය ' සැලසූ හිටපු ගුවන්හමුදාවේ ලොක්කයි කියන කොරෝනා සොක්කා දැන් මොනවද කියන්නේ..? ඡන්දෙට අරයාට අරගොල්ලෝ දුන්නු සල්ලිවලට හුවමාරුවක් විදිහට ඉන්දියාවෙන් නොමිලේම කොරෝනා ගේන්න ඉඩ දුන්නද..?

:       2       114

De Thursday, 08 October 2020 10:10 AM

අනේ සාදු... හැමට එකම නීතියක් යටතේ නේද සර්..?

:       2       30

sampath Thursday, 08 October 2020 11:06 AM

මුලින්ම මාධ්‍යයෙන් දෙන අනවශ්‍ය ප්‍රචාරයන් නවත්තන්න මිනිස්සුන්ගේ හතරවරිගෙම මාධ්‍යයෙන් පෙන්නද්දී කොහොමද ඒ මිනිස්සු එළියට එන්නේ? ඒ නිසා යම්කිසි දිස්ත්‍රික්කයකින් මෙච්චරයි කියලා විතරක් කියන්න මිනිස්සු හැංගෙන්නේ සාධාරණ හේතුවක් නිසයි.

:       5       32

AsankaThursday, 08 October 2020 01:26 PM

සහතික ඇත්ත.. මිනිස්සු හැංගෙන්නේ නිකන් නෙමේ. මාධ්‍ය මගින් රටටම හරියට මිනීමරපු භයානක අපරාධකාරයෝ වගේ තුවක්කු දික්කරන්, හමුදාව වටකරන් පෙන්නන නිසා. අනික නම්, ගම් ඇතුව පවුලේ උදවිය ගෙවල්, දොරවල් එක්ක මේවා පෙන්නුවාම කොහොමද ආයේ පාරට බහින්නේ...? මිනිස්සුන්ට මුහුණ දෙන්නේ...අන්න ඒකයි මිනිස්සු හැංගෙන්නේ. ඕක තේරුම් ගන්න බැරිද?

:       0       9

saman Thursday, 08 October 2020 02:45 PM

මුලින්ම කොරොනා ආපු දවස්වල, මාස්ක් එකක් දාගෙන බස් එකට නැග්ගාම ලඟ සීට්වල අයත් නැගිටලා ගියා. එ්ත් දැන් කොහොමද? මේ යන විදියට කොරොනාත්, ලෙඩ්ඩුත් සමාන්‍ය දෙයක් වෙයි.

:       0       3

kusum Thursday, 08 October 2020 11:52 AM

මේ ආයතනවලට සේවක සේවිකාවන් බඳවා ගන්නේ ග්‍රාමසේවක සහතිකයක්වත් නොබලාද? හරි නම් මානව සම්පත් අංශයේ තිබෙන පෞද්ගලික ලිපිගොනුවේ ග්‍රාමසේවක සහතිකයේ ජායාපිටපතක් තියෙන්නම ඕනෑ. එහෙම නොකර ආයතනයකට මිනිස්සු වැඩට ගන්නවා කියන්නෙ වරදක්. පාලන අධිකාරියට පියවර නොගන්නේ ඇයි?

:       1       7

Anuruddha Thursday, 08 October 2020 01:58 PM

කළින් නම් කිව්වේ බුද්ධි අංශ ඉතාම සූක්ෂමව ක්‍රියාත්මක වෙලා හැම තොරතුරක්ම, හැම පුද්ගලයෙක්ම හොයාගන්නවා කියලා. දැන් මාධ්‍යවලට ඇවිල්ලා නහයෙන් අඬනවා මිනිස්සු හොයාගන්න බැරිව...

:       1       3

banda Thursday, 08 October 2020 08:39 PM

ලංකාවේ රෝහල්වල ඉන්න උණ රෝගීන් PCR පරීක්ෂණ කරන්න.

:       2       2

Circular Thursday, 08 October 2020 09:50 PM

ඡන්දෙදි නගාසිටුවනවා කිව්ව බුද්ධි අංශ තාම නගාසිටුවන්න බැරි වුනාද.?

:       2       3

anil kumara Friday, 09 October 2020 02:56 AM

කොරෝනා අස්සේ මැතිවරණ තියපු අයටත් නීතිය ක්‍රියාත්මක කරනවද?

:       0       1

anil kumara Friday, 09 October 2020 02:57 AM

අන්තිමට අහිංසක මිනිස්සු තමයි වැරැදි කරුවෝ... ලොකු අය බබාලා...

:       0       1

WCA Friday, 09 October 2020 06:50 AM

එතකොට මිනිස්සු නැති ගෙවල්වල ගිහින් PHIලා නිරෝධායන ලේබල් ගහලා මාධ්‍ය සංදර්ශන ගහන එකට මොකද කරන්නේ?

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 142 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 430 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 65 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

Our Group Site