IMG-LOGO

2025 ජුලි මස 10 වන බ්‍රහස්පතින්දා


සිඟමන් නොදුන්නැයි වෛද්‍යවරයා මරලා

(ඉන්දිකා රාමනායක)

බත්තරමුල්ල පැලවත්ත පාරේ පිහිටි සුපිරි වෙළෙඳක් ඉදිරිපිට සිටින හිඟන්නකු සිඟමන් නොදුන්නැයි උරණ වී  තියුණු ආයුධයකින් පහර දී මෙම ආයුර්වේද වෛද්‍යවරයකු ඝාතනය කර ඇතැයි තලංගම පොලිසිය පවසයි.

සිද්ධියෙන් මියගොස් ඇත්තේ මාලඹේ පොතුඅරවා පාරේ පදිංචිව සිටි නිශ්ශංක ගුණවර්ධන (57) නැමැති ආයුර්වේද වෛද්‍යවරයෙකි.

සිද්ධියෙන් පසු  යාචකයා පලා ගොස් ඇති බවද පොලිසිය පවසයි.

මෙම ආයුර්වේද වෛද්‍යවරයා ඉහත සුපිරි වෙළෙඳ සැලට ගොස් භාණ්ඩ මිළදීගෙන රාත්‍රි 10.00 ට පමණ ඉන් පිටත පැමිණි අවස්ථාවේ සැකකරු ඒ අසල සිට පැමිණ වෛද්‍යවරයාට ස්ටිකර් එකක් අලෙවි කිරීමට උත්සහ ගෙන ඇති බවත්, වෛද්‍යවරයා එය මිළ ගැනීම ප්‍රතික්ෂේප කිරීම නිසා ඇති බවද පොලිසිය පවසයි.

ස්ටිකරය මිළ දී ගැනීම ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් සැකකරු සිඟමන් ඉල්ලා වෛද්‍යවරයා පසුපස එමින් සිටියදී වෛද්‍යවරයා අතපය තියනවා නේද , හිඟා කන්නේ නැතිව රස්සාවත් හොයා ගන්නවා යැයි ඔහුට බැන වැදී ඇති බවද පොලිසිය පවසයි.

ඒ අවස්ථාවේ ආයුර්වේද වෛද්‍යවරයා භාණ්ඩ ද රැගෙන ඔහුගේ යතුරු පැදිය වෙත යාමට පදිකවේදිකාවේ ගමන් කරමින් සිටියදී සැකකරු ඔහු පසුපස පැමිණ ඔහු සඟවාගෙන සිටි තියුණු ආයුධයෙන් ඇන ඇති බව පොලිසිය පවසයි.

 



අදහස් (5)

සිඟමන් නොදුන්නැයි වෛද්‍යවරයා මරලා

wedage Wednesday, 27 April 2022 09:11 AM

යාචක වෙසින් එන මිනීමරුවෝ

:       0       38

කිරි පුතා Wednesday, 27 April 2022 09:55 AM

යාචක වෙසින් මිනිසුන් ට බොරු කියන , මුදල් මංකොල්ල කන, දැන් ඝාතන කරන මෙවැනි සංවිධානාත්මක අපරාධ කරුවන් වෙළඳසැල් අසල සිටීම සාමාන්‍ය අහිංසක ජනයාට මහත් පීඩාවකි. ඔවුන්ට එම භූමිය තහනම් කිරීමට වෙළඳසැල් අයිතිකරුවන් දැනවත් ක්‍රියාත්මක වනු ඇතැයි සිතමු

:       0       54

SenakaWednesday, 27 April 2022 10:45 AM

සල්ලි දුන්නෙ නැත්තන් වාහනේට තඩිබානවා. උන් සල්ලි ඉල්ලන්නේ ෆුඩ් සිටි එකෙන් බඩු අරන් වාහනේට බඩු පටවනකොට. උන්ට රුපියල් 20ක්/50ක් දීල මඳි. කිරිපිටි ගන්න 350ක්, පාන් පිටි කිලෝ එකක් ගන්න 400ක් තමයි ඉල්ලන්නේ. මේ වැඩෙන් වෙන්නේ ඇත්තෙන්ම අසරණ, අහිංසක මිනිස්සුන්ටත් උදව් කරන්න අවස්ථාව නැති වෙන එක.

:       0       45

kamal Wednesday, 27 April 2022 02:17 PM

අරහේ පොලිසිය දේශපාලුවන් රකිනවා...!

:       2       5

anura Wednesday, 27 April 2022 04:11 PM

බොහෝ යාචකයින් හෝ යාචක වෙසින් සිටින්නන් ළඟ සඟවාගත් තියුණු ආයුධ තිබෙන බව පෙනෙනවා. මීට සුළු කාලයකට පෙරත් මෙවැනිම සිද්ධියක් වුණා, මට මතකයි. මේ නිසා මොවුන්ව පරීක්ෂා කිරීම කළ යුතුයි...

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 223 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 748 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1171 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site