IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


සාගලට තවත් තනතුරක්

 

(අංජුල මහික වීරරත්න)

ලංකා ජාතික වතු කම්කරු සංගමයේ සභාපති ලෙස එක්සත් ජාතික පක්ෂ ජාතික සංවිධායක සාගල රත්නායක පත් කිරීමට පක්ෂ කළමනාකරණ මණ්ඩලය තීරණය කර ඇත.

එක්සත් ජාතික පක්ෂ නායක, ජනපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති පක්ෂ කළමනාකරණ මණ්ඩලයේ දී  මෙම තිරණය ගෙන තිබේ.

ජාතික වතු කම්කරු සංගමයේ සභාපති ලෙස කටයුතු කරනු ලබන සංචාරක හා ඉඩම් අමාත්‍ය  හරීන් ප්‍රනාන්දු මහතා  කළමනාකරණ මණ්ඩල හමුවට සහභාගී වී ඇති අතර එහිදී ඔහු ප්‍රකාශ කර ඇත්තේ තමන් එම තනතුරින් ඉල්ලා අස්වීමට තීරණය කර ඇති බවය.

නව සභාපතිවරයෙකු පත් කරන ලෙස කළ දැනුම් දීමට අනුව ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී හා පක්ෂ ජාතික සංවිධායක සාගල රත්නායක පත් කිරීමට එහිදී තීරණය වී තිබේ. ලබන සතියේදි හරීන් ප්‍රනාන්දු මහතා තනතුරින් ඉල්ලා අස්වීමෙන් පසුව සාගල රත්නායක මහතා මෙම තනතුරේ රාජකාරී ආරම්භ කිරීමට නියමිතය.

ලංකා ජාතික වතු කම්කරු සංගමය එක්සත් ජාතික පක්ෂයේ පැරණි වෘත්තීය සමිතිවලින් එකකි.



අදහස් (1)

සාගලට තවත් තනතුරක්

Prabha Friday, 21 October 2022 11:28 PM

හෙට අනිද්දාට යූ.එන්.පී. කුළඟන සමිතියේ සභාපති කරන්නත් පුළුවන්...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 255 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 182 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 988 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site