IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


සීගිරි පව්වේ අසූමහා ශ්‍රාවක බුද්ධ පිළිම වහන්සේලාට වන අලින්ගෙන් හානි

(කාංචන කුමාර ආරියදාස)

සීගිරිය පව්ව ඉදිරිපිට පිහිටා ඇති සීගිරිය විහාරස්ථානයේ  පිහිටුවා ඇති අසූමහා ශ්‍රාවක බුද්ධ පිළිම වහන්සේලා හය නමක්  අද (31)  වන අලි ප්‍රහාරයකට ලක්ව   කඩා දමා ඇතැයි විහාරාධිපති පුබ්බිලියේ ධම්මානන්ද හිමියෝ පවසති.

පසුගිය දින කිහිපයේම සීගිරිය නව නගරයට වන අලින්ගෙන් මහා කරදර හිරිහැර සිදුවන බව බලධාරීන් හට දැනුවත් කළද කිසිදු ක්‍රියාමාර්ගයක් නොගැනීම හේතුවෙන් අද(31) අලුයම පැමිණි වන අලි රංචුවක් විහාරස්ථානයේ ගස් කොළන් වලට අලාභ හානි සිදුකොට  වීහාරස්ථානයේ අසූ මහා ශ්‍රාවකයන් පිහිටුවා ඇති පිළිම වහන්සේලාට මේ ආකාරයෙන් හානි සිදුකර තිබෙන බවද නාහිමියෝ පෙන්වා දෙති

 සිගිරි නගරයේ පවතින මෙම වන අලි උවදුර පිළිබඳව තවදුරටත් තමන් නිහඬව බලා නොසිටින බවද ජනතාවට වැඳ පුදා ගැනීමට පිහිටුවා ඇති වීශාල බුද්ධප්‍රතිමාවටද මෙම වන අලි තර්ජනය එල්ල වී තිබෙන බවත් පෙන්වා දෙන උන්වහන්සේ කඩිනමින් මේ පිළිබඳව බලධාරීන්ගේ අවධානය යොමු නොකළහොත් සීගිරියේ ජනතාව සමඟ එක්වෙන්නේ අරගලයකට සූදානම් වන බවද උන්වහන්සේ පෙන්වා දෙති.

සීගිරිය නැරඹීම සඳහා පැමිණෙන ජනතාව ප්‍රදේශවාසීන්ගේ ධන පරිත්‍යාගයෙන් වසර ගණනාවක් තිස්සේ තමන් වහන්සේ විශාල කැප කිරීමක් කරමින් 

 බුධද්ධාලම්බන ප්‍රීතිය ඇතිවන ආකාරයට ඉතා අලංකාරව සීගිරියේ පන්සලේ මේ ආකාරයෙන්  විශාල බුද්ධ ප්‍රතිමා වහන්සේ නමක්  අසූ මහා ශ්‍රාවක වහන්සේලා  ඉදිකළ බව පවසති.

 

 



අදහස් (1)

සීගිරි පව්වේ අසූමහා ශ්‍රාවක බුද්ධ පිළිම වහන්සේලාට වන අලින්ගෙන් හානි

අලියා Tuesday, 31 December 2024 03:23 PM

කොන්ක්‍රීට් වනාන්තර හදා ස්වභාවික වනාන්තර වනසන සමහරක් හාමුදුරුවන්ගේ පිස්සුවට අලි උත්තරයක්....

:       0       14

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 586 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 289 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1089 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site