ලෝ ප්‍රකට Honor ස්මාර්ට් ජංගම දුරකථන ශ්‍රී ලංකාව තුළ ගෙන්වා බෙදාහරින්නා වන සිංගර් සමාගම, නවතම තාක්ෂණයෙන් සමන්විත Honor නිෂ්පාදන පෙළක් හඳුන්වා දීමට කටයුතු කටයුතු කර ඇත.
චීනයේ අංක 1 ඇන්ඩ්‍රොයිඩ් ස්මාර්ට් ජංගම දුරකථන සන්නාමය වන Honor දැරිය හැකි මිලට මෙරට පාරිභෝගිකයන් අතට පත් කරන නවතම Honor 90 නිෂ්පාදන පෙළ පසුගිය දා නිල වශයෙන් ශ්‍රී ලාංකේය වෙළෙඳපොළ වෙත නිකුත් කෙරිණි. රුපියල් 149,999/- ක ආරම්භක මිලකට Honor 90 ලබා දෙයි.
සිංගර් සමූහ ව්‍යාපාරයේ ප්‍රධාන විධායක නිලධාරී මහේෂ් විජේවර්ධන මහතා නවතම Honor 90 ස්මාර්ට් ජංගම දුරකථන පෙළ පිළිබඳ ව අදහස් දක්වමින් මෙසේ පැවසීය. “Honor 90, Honor 90 Lite, Honor X5, Honor Plus සහ Honor X6aයන නවතම ස්මාර්ට් ජංගම දුරකථන පෙළ ශ්‍රී ලංකාවේ පාරිභෝගික ජනතාව වෙත හඳුන්වා දීමට ලැබීම ගැන අපි සතුටු වෙනවා. ඉතා සුවිශේෂී, දැරිය හැකි මිල ගණන් යටතේ හඳුන්වා දෙන Honor 90 නිෂ්පාදන පෙළ, ශ්‍රී ලාංකික පාරිභෝගික ජනතාව ඉතා ආදරයෙන් වැළඳගනු ඇති බව මම විශ්වාස කරනවා.”
Honor 90 නිෂ්පාදනවල ප්‍රධාන ලක්ෂණය වන්නේ එහි පිටුපස මෙගා පික්සල් 200 ක සංවේදකයක් සමඟ කැමරා තුනකින් සමන්විත වීමයි. මෙම අතිනවීන කැමරා පද්ධතිය සුපැහැදිලි ඡායාරූප ලබාදෙන අතර, මෙගාපික්සල් 50 ක ධාරිතාවකින් යුත් ඉදිරි කැමරාව සෙල්ෆි ඡායාරූප සඳහා ම සුවිශේෂත්වයක් දරයි.
මෙරට වෙළෙඳපොළේ ඇති වෙනත් ස්මාර්ට් ජංගම දුරකථන මාදිලි හා සසඳන විට, Honor 90 ඉතා ඉහළ ධාරිතාවකින් යුක්ත වන අතර, X5Plus, X6a සහ H90 Lite යන නිෂ්පාදන පෙළ දේශීය පාරිභෝගිකයන්ගේ විවිධ වූ අවශ්‍යතා සඳහා විසඳුම් ලබා දෙයි.
595
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
සිංගර්, නවතම Honor 90 නිෂ්පාදන පෙළ හඳුන්වා දෙයි