IMG-LOGO

සිංගප්පූරු නිදහස් වෙළෙඳ ගිවිසුම ක්‍රියාත්මක කිරීමට සූදානම්

(අංජුල මහික වීරරත්න)

සිංගප්පූරුව සමඟ ඇති කරගත් නිදහස් වෙළෙඳ ගිවිසුම ක්‍රියාත්මක කිරීම තම රජයේ  ප්‍රමුඛ අරමුණක්  බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය‍.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කර සිටියේ, ටෝකියෝ නුවරදී සිංගප්පූරු අග්‍රාමාත්‍ය  ලී සියෙන් ලූං (Lee Hsien Loong)  මහතා සමඟ අද (27) විශේෂ සාකච්ඡාවකට එක්වෙමිනි.

එසේම ජනාධිපති කාර්යාලයේ ජාත්‍යන්තර වෙළෙඳ කාර්යාලයක් ස්ථාපිත කරන බව ද  ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා  සිංගප්පූරු අග්‍රාමාත්‍යවරයා දැනුවත් කළේය. 

ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය සමනය කිරීම සඳහා ජනාධිපතිවරයා ගෙන යන වැඩපිළිවෙළ පිළිබඳ ප්‍රසාදය පළ කළ සිංගප්පූරු අග්‍රාමාත්‍යවරයා  තවදුරටත් ප්‍රකාශ කර සිටියේ සිංගප්පූරුව යළිත් වරක්  ශ්‍රී ලංකාවේ ආයෝජනය කිරීමට අපේක්ෂා කරන බවයි.

ලබන වසරේ  පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකාවේ 75 වන නිදහස් සංවත්සරයට  සහභාගී වන ලෙස ජනාධිපති රනිල්  වික්‍රමසිංහ මහතා,  සිංගප්පූරු අග්‍රාමාත්‍යවරයාට මෙහිදී  ආරාධනා කළේය.



අදහස් (2)

සිංගප්පූරු නිදහස් වෙළෙඳ ගිවිසුම ක්‍රියාත්මක කිරීමට සූදානම්

මැක්ස් Tuesday, 27 September 2022 11:18 AM

ජෙවීපියටයි, පෙරටුලටයි ඔන්න අවස්ථාවක් රට විකුනනවා කියල "ජනතාව"ගේ නාමයෙන් තමන්ගේ හෙන්චයියන් පාරට බස්සන්න. සජිත් මහත්තයටත් තමන්ගේ හිස් වචනවලින් රටට විහිළු සැපයීමට මේක හොද අවස්තාවක්.

:       9       21

fairoos Tuesday, 27 September 2022 12:32 PM

ඊලග නිදහස් දිනයට රනිල් ගෙදර යැවිය යුතුයි.. නැත්නම් රට තවත් බංකොලොත් වෙනවද?

:       9       5

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

MIND සමූහය මාධ්‍ය නිවේදනය.  ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන්  මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය. 2025 මැයි මස 16 33 0
MIND සමූහය මාධ්‍ය නිවේදනය. ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය.

පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ

’’හරිත සරසවියක අසිරිය විඳගන්න”  NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී 2025 මැයි මස 15 55 0
’’හරිත සරසවියක අසිරිය විඳගන්න” NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී

NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1622 3
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

Our Group Site