(ටී.කේ.ජී.කපිල)
ලෝකයේ නවීනතම මගී ගුවන් යානයක් පළමු වතාවට අද අලුයම කටුනායක ගුවන් තොටුපළට ගොඩබෑවේය.
සිංගප්පූරු ගුවන් සේවයට අයත් බෝයිං 787 - 10 වර්ගයේ මෙම ගුවන් යානය සිංගප්පූරු ගුවන් සේවයට මෙන්ම කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණි පළමු අවස්ථාව මෙය බව සිංගප්පූරු ගුවන් සේවයේ ශ්‍රී ලංකා නියෝජිත එයිට්කන් ස්පෙන්ස් සමාගමේ කළමනාකරණ අධ්‍යක්ෂ වසන්ත කුඩාලියනගේ මහතා පැවසීය.
ඇමෙරිකාවේ බෝයිං ගුවන් යානා නිෂ්පාදන සමාගම ඩ්‍රීම්ලයිනර් ගුවන් යානා කාණ්ඩය යටතේ අලුතෙන්ම නිෂ්පාදනය කර ඇති මෙම ගුවන් යානය පුළුල් බද සහිත එකවර ගුවන් මගීන් 337 දෙනෙකුට ගමන් කළ හැකි ආකාරයට නිපදවා තිබේ.
රෝල්ස් රොයිස් වර්ගයේ ඇන්ජින් දෙකකින් බල ගැන්වෙන මෙම ගුවන් යානය තුළ ව්‍යාපාරික පංතියේ ආසන 36 ක් සහ පිරිමැසුම්දායක පංතියේ ( Economy ) ආසන 301 කින් සමන්විත වේ.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
සිංගප්පූරුවෙන් ආ අමුත්තා
Kumara Monday, 27 March 2023 10:50 AM
විහිළු සපයන්න එපා.
රනිල් Monday, 27 March 2023 10:52 AM
Singapore Airlines සිංගප්පුරු රජයට වැඩි කොටස් හිමි ලාභ ලබන ආයතනයකි
චන්දිම ෆොන්සේකාTuesday, 28 March 2023 08:01 AM
සිංගප්පුරු වත්මන් රජයේ අගමැති ඇතුළු සියලු දෙසපාලකයන් උගත් සහ අවංක ප්‍රතිපත්ති ගරුක සැබවින්ම තමන් කරන රාජකාරිය අකුරටම දැනගෙන කරන පිරිසක්. ඒ වගේමයි එරට ජනතාවත් බුද්ධිමත්. අපේ ඒක අංශක 180 කින් අනිත් පැත්තේ. අපේ දේසපාලුවෝ බොහොමයකට බැලුවොත් හරි හමන් උගත් කමක් නැහැ. බොහෝ දෙනෙක් තමන් කරන රාජකාරිය ගැන මෙලෝ හසරක් දන්නේ නැහැ. දන්නා අංක එකේ දේ තමයි කොහොමද කොමිස් ජරා යටිමඩි ගහලා තමන්ගේ මල්ල පුරවා ගන්න එක. ජනතාව බොහෝ දෙනෙකුට දෙසපාලුවන්ගේ තක්කඩිකම් තේරෙන්නේ නැහැ. අපි සිංගප්පුරුවට වඩා දහස් වාරයක් සියලු සම්පත් තියාගෙනත් නිරපරාදේ ලෝකේ පහලම හිඟන රටක් බවට දිනෙන් දින පිරිහෙනවා.
dasun Tuesday, 28 March 2023 11:17 AM
සුපිරියි