IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


සෞඛ්‍ය වැඩවර්ජන විලාසිතාවට සෞඛ්‍ය අමාත්‍යංශය වගකිව යුතුයි

(යොහාන් භාසුර)

සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වැඩවර්ජන විලාසිතාවක් බවත් සෞඛ්‍ය වර්ජන විලාසිතාවක් බවට පත්වීම පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යංශය වගකිව යුතු බවත්  රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදයේ සභාපති වෛද්‍ය රුක්‍ෂාන් බෙල්ලන මහතා අද (12) පැවසීය.

සෞඛ්‍ය අමාත්‍යංශය වසා දැමීම වඩාත් සුදුසු යැයි ජනාධිපතිවරයාගෙන් විමසන බව කී වෛද්‍ය බෙල්ලන මහතා සෞඛ්‍ය වෘත්තිය සමිති 72 ක් ඇතැයි කීවත් සාමාජිකයන් දෙන්නෙක්වත් නැති වෘත්තිය සමිතිත් ඇති බව ද සඳහන් කළේය.

එම වෘත්තීය සමිතිවල වැඳගත් අය නොමැති බව කී ඒ මහතා වැඩවර්ජනය කර මුළු රෝහල් පද්ධතියම වට්ටනවා යැයි ඔවුන් චන්ඩි වගේ හැසිරෙන බව ද පැවසීය.

එම වෘත්තිය සමිතිවල සිටින වෘත්තිකයන් රටට අවශ්‍ය නොමැති බවත් වෛද්‍ය, හෙද සහ කළමනාකරණ යන ක්ෂේත්‍ර රෝහලක් තුළ රාජ්‍ය සේවය යටතේ පැවතීම ප්‍රමාණවත් බවත් ඒ මහතා වැඩි දුරටත් කීය.

සෞඛ්‍ය වෘත්තීය සමිති 72 ක් අද (13) පෙරවරුවේ සිට ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ වැඩවර්ජනය පිළිබඳව අදහස් දක්වමින් වෛද්‍ය රුක්‍ෂාන් බෙල්ලන මහතා එසේ පැවසීය. 



අදහස් (1)

සෞඛ්‍ය වැඩවර්ජන විලාසිතාවට සෞඛ්‍ය අමාත්‍යංශය වගකිව යුතුයි

පිටරටවැසියා Tuesday, 13 February 2024 09:56 AM

එතකොට දොස්තරලා වැඩවර්ජනය කරනකොට හොඳද? ඔය සැමගේ වැඩවර්ජන වලින් තැලෙන්නේ රටේ අහිංසක රෝගීන්. මතක තියාගන්න, ඕගොල්ලෝ ඔක්කොම වැඩවර්ජන කරනකොටත් රටේ ජනතාවගෙ බදු මුදලින් වැටුප් ගෙවන විත්තිය !!!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 208 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 167 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 967 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site