IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


සෞඛ්‍ය වැඩවර්ජනයෙන් රෝහල් අඩපණ වෙයි

(යොහාන් භාසුර)

වෛද්‍යවරු හැර සෙසු සෞඛ්‍ය වෘත්තීය සමිති 72 ක් අද (13) පෙරවරු 6.30 ට ආරම්භ කළ වැඩවර්ජනය හේතුවෙන් දිවයින පුරා රෝහල්වල කටයුතු අකර්මණ්‍ය වී තිබේ.

කොළඹ ජාතික රෝහල ඇතුළු රටපුරා රෝහල් රැසක කාර්ය මණ්ඩල සේවා සඳහා යුද හමුදාව ඇතුළු ආරක්‍ෂක අංශ සමාජිකයන්ගේ සේවය ගෙන තිබූ අතර ආරක්‍ෂක අංශ සාමාජිකයන්ගේ සහය ඇතිව වෛද්‍යවරු බාහිර රෝගී අංශවල සහ සායනවල රෝගීන් පරීක්‍ෂා කිරීමේ කටයුතු යම් කරමකින් ක්‍රියාත්මක කළහ.

ඇතැම් රෝහල්වල වෛද්‍යවරු රෝගීන් රෝද පුටුවේ තබා තල්ලු කරගෙන යන අවස්ථා ද දැකිය හැකිවිය.

(ඡායාරූප: ජයමාල් චන්ද්‍රසිරි) 



අදහස් (2)

සෞඛ්‍ය වැඩවර්ජනයෙන් රෝහල් අඩපණ වෙයි

gimhani Tuesday, 13 February 2024 02:25 PM

GOMA එක රටේ ත්‍රස්තවාදි සංවිධානයක් ලෙස සලකා තහනම් කල යුතුයි. මොකද රටෙ තියෙන තත්වයවත් නොසලකා, අනිත් වෘත්තිකයන්ට විශාල අසාධාරණයක් සිදු කර, රටේ නැති ප්‍රශ්න ඇති කරන, තමන් ගැන පමනක් සිතන මෙවැනි සංගම් තමා රටට ලොකුම හෙනෙ. රටේ අනිකුත් සියලුම වෘත්තිකයො හැමොටම දෙන 10000 ක වැඩිවීම මෙ අසීරු අවස්තවෙ පිලි ගත්ත. GOMA ට විතරයි බැරි උනෙ.

:       8       17

Bandar Tuesday, 13 February 2024 10:38 PM

පොල්ලට ලොකු වලං තියෙන්ට බෑ සරලයි, පඩි මදිනම් වෙන රැකියාවක් හොයාගන්න එකනෙ තියෙන්නෙ, නම්බුව තියාගෙන. රැකියාව නැති වෙලා හිගමනයට පත් වුනාම තමා රැකියාවෙ වටිනාකම දැනෙන්නෙ.එදා වේල හොයා ගන්න බැරි කී දෙනෙක් ලංකාවෙ ඉන්නවද? JR හරි කියලා හිතෙනවා. මුන්ව හුරතල් කරලා වැඩක් නෑ.

:       1       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 207 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 167 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 967 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site