IMG-LOGO

2025 සැප්තැම්බර් මස 13 වන සෙනසුරාදා


සෞඛ්‍යයට වෙන් කළ දිනයේ ෂෙඩ් හිස්

 

(ඩයනා උදයංගනී සහ ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)

රටපුරා රෝහල් හා සෞඛ්‍ය ආයතනවල සේවය කරන සෞඛ්‍ය කාර්ය මණ්ඩලවලට ඉන්ධන ලබාදීම සඳහා සිකුරාදා දිනයේදී ඉන්ධන පිරවුම්හල් 84ක් වෙන්කර තිබුණත්, ඒවායින් නිසි පරිදි ඔවුන් වෙත ඉන්ධන නොලැබීම හේතුවෙන් ගැටලුකාරී තත්වයක් මතුව තිබිණි.

තම පිරවුම්හල සිකුරාදා දිනයේදී සෞඛ්‍ය කාර්ය මණ්ඩලවලට වෙන්කර ඇති බවක් නොදන්නේ යැයි ඇතැම් ඉන්ධන පිරවුම්හල් හිමියන් එහි ගොස් සිටි සෞඛ්‍ය කාර්ය මණ්ඩල වෙත දැනුම් දී තිබූ අතර, ඒවායින් වෙනත් පුද්ගලයින්ටත් ඉන්ධන ලබාදීම සිදුකිරීමෙන් හා ඇතැම් පිරවුම්හල් වෙත ඉන්ධන නොලැබීම හේතුවෙන් වෛද්‍යවරුන් ඇතුළු සෞඛ්‍ය කාර්ය මණ්ඩලවලට දිනය පුරා පෝලිම්වල රැඳී සිටීමට සිදුව තිබිණි.

මේ හේතුවෙන් කොළඹ ජාතික රෝහල, මහරගම පිළිකා රෝහල ඇතුළු දිවයිනේ ප්‍රධාන රෝහල් රැසක දෛනික ප්‍රතිකාර කටයුතුවලට බාධා එල්ල වූ බව ද වාර්තා වේ.

ඇතැම් වෛද්‍යවරුන් තම වාහන පෝලිම්වල තබා වෙනත් අයකුට බලාගන්නා ලෙස පවරා රෝහල්වලට ගොස් ප්‍රතිකාර කටයුතුවල නිරත වී ඇති අතර, පෙරදින රාත්‍රී සේවයේ සිටි කාර්ය මණ්ඩල යළිත් අද රාත්‍රී සේවයට වාර්තා කළ යුතුව තිබියදී මේ වන තුරුත් ඉන්ධන පිරවුම්හල් අසල රැඳී සිටිති.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පැවසුවේ සෞඛ්‍ය කාර්ය මණ්ඩල වෙනුවෙන් දහස් ගණන් පිරවුම්හල් අතරින් 84ක් වෙන්කර එම වැඩපිළිවෙල සාර්ථක කරගැනීමට නොහැකිවූයේ නිසි සන්නිවේදයක් හා ක්‍රමවේදයක් නොමැතිවීමෙන් බවයි.

ලබන සතියේදී හෝ මෙය සාර්ථක කරගැනීමට කටයුතු නොකළොත් සෞඛ්‍ය සේවාව පවත්වාගෙනයාමට නොහැකි වනු ඇතැයි ඔහු සඳහන් කළේය.

(ඡායාරූප: ගයාන් අමරසේකර)   



අදහස් (5)

සෞඛ්‍යයට වෙන් කළ දිනයේ ෂෙඩ් හිස්

SL Friday, 24 June 2022 03:41 PM

එක එක කෙනාට එක එක විදියට සලකන්නේ නැතිව, වාහන අංකයට මාසෙකට සරිලන තෙල් ප්‍රමාණයක් කූපන් මගින් දෙන්න බැරි ඇමැති මොන බම්බුවකට ඇමතිකම කරනවාද? විශේෂ වරප්‍රසාද දීලා හත්පලේ ගාගත්තු රටක් මේක...! ඉක්මනට කූපන් දීපල්ලා, එතකොට කාටවත් හොරා කන්න බැහැ...

:       2       55

kasun Friday, 24 June 2022 06:35 PM

මෙයාලාට ස්ටාෆ් බස් දාන්න. ඇයි විශේෂ වරප්‍රසාද?

:       45       14

රසිකFriday, 24 June 2022 09:42 PM

ඉතා හොඳයි. ඔයාගේ නෝනාට බබා හම්බවෙන්න අමාරු වෙලා ඉස්පිරිතාලේ ආවාම දොස්තරට ස්ටාෆ් බස් එකේ ඇවිත් සීසර් කරන්න පුළුවන්..

:       5       6

malayalamSaturday, 25 June 2022 12:09 PM

නියමයි ඒ බස් එකේම අමාරු ලෙඩ්ඩු ටිකත් එන්න ඕනේ.... කලින් එන එක ඔට්ටු නැහැ... අනික බස් එක යනවෙලාවට මොන අමාරුව තිබ්බත් ඉවසන් ඉන්න ඕනේ... මළත් කරන්න දෙයක් නැහැ. ඇයි බස් එක ගන්න යන්න එපැයෑ...

:       1       1

මහිලාල් Saturday, 25 June 2022 11:53 AM

වාහන නැති රෝහල් සේවකයින් වෙලාවට වැඩට එන්න පුළුවන් නම් රජය පර්මිට් දීමෙන් කර ඇත්තේ නුසුදුසු ක්‍රියාවක් නේද?

:       3       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 340 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 101 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 789 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site