
(විමුක්ති එස් රුද්‍රිගු)
මෙම වසරේ පළමු කාර්තුවේදී ශ්‍රම බළකායේ වර්ධනයක් පෙන්නුම් කළද තවමත් මෙරට ආර්ථික වශයෙන් සක්‍රීය ජනගහණයට වඩා ආර්ථික වශයෙන් අක්‍රීය ජනගහණය ඉහළ බව ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව පසුගියදා නිකුත් කළ "2025 පළමු කාර්තු ශ්‍රම බළකා සමීක්ෂණ වාර්තාවේ" දැක්වේ.
මේ වසරේ පළමු කාර්තුවේදී මෙරට ආර්ථික වශයෙන් සක්‍රීය ජනතාව මිලියන 8.46 ක් බවත් ආර්ථික වශයෙන් අක්‍රීය ජනතාව මිලියන 8.57 ක් බවත් එම වාර්තාවේ පෙන්වා දුන්නේය.
කෙසේ නමුත් මෙරට ආර්ථික වශයෙන් අක්‍රීය ජනතාව මෙම වසරේ පළමු කාර්තුවේදී මිලියන 8.57 දක්වා පහළ ගොස් ඇති බවත් එය පසුගිය වසරට සාපේක්ෂව සැළකිය යුතු පහළ යෑමක් බවත් ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව පසුගියදා නිකුත් කළ "2025 පළමු කාර්තු ශ්‍රම බළකා සමීක්ෂණ වාර්තාවේ" දැක්වේ.
පසුගිය වසරේ මෙරට ආර්ථික වශයෙන් අක්‍රීය ජනතාව මිලියන 9.23ක් වූ අතර ඒ අනුව මෙම වසරේ පළමු කාර්තුවේදී මෙරට ආර්ථික වශයෙන් අක්‍රීය ජනතාව ලක්ෂ 7 කින් පමණ අඩුවී ඇත.
කෙසේ නමුත් තවමත් මෙරට රැකියාවක නියුතු විය යුතු වයසේ සිටින කාන්තාවන්ගෙන් සියයට 72.4 ක ප්‍රතිශතයක් ලක්ෂ 62 කට වැඩි පිරිසක් ආර්ථික වශයෙන් අක්‍රීය බවත් ඔවුන්ගෙන් මෙරට ආර්ථිකයට ලැබෙන දායකත්වය අවම බවත් ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේය. නමුත් පසුගිය වසරට සාපේක්ෂව මෙම වසරේ පළමු කාර්තුවේදී ආර්ථික වශයෙන් අක්‍රීය කාන්තාවන් පිරිස ලක්ෂ තුනකින් පමණ අඩුවී තිබෙන බවද ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව පෙන්වා දුන්නේය.
2025 නොවැම්බර් මස 04
439
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2202
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1660
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
සක්‍රීය ජනගහනයට වඩා අක්‍රිය ජනගහනය තවමත් වැඩි
PGPThilak Monday, 21 July 2025 07:14 AM
සක්‍රිය ජනගහනයෙනුත් සියයට කීයද ප්‍රයෝජනවත් රස්සාවක් කරන්නේ? 20% විතර ත්‍රීවීල් වල චන්ඩි වගේ වාඩි වෙලා! තව 30%-40%ප්‍රාදේශිය ලේකම් කාර්යාලවල පුටු රත් කරමින් කේක් කනවා තේ බොනවා! බලන් ගියාම ප්‍රයෝජනවත් රස්සාවක් කරලා ජීවත් වෙන්නේ 20%-25%වඩා අඩු පිරිසක්! අනෙක් සියළු දෙනා එකට උදව් සපයන මුවාවෙන් කල් මරන වංචනිකයන්! නැතිනම් වැඩිහිටි උදවිය නැතිනම් ළමා හා රෝගීන්
යෝගා Monday, 21 July 2025 11:27 AM
ඔය කියන තරම් අක්‍රිය අය ඉන්නවනම් හුඟක් පවුල් පාරට වැටිලා. විශාල බහුතරයක් හොඳටම සක්‍රියයි, හැබැයි බදු ගෙවන්න වෙන නිසා, අස්වැසුම ගන්න ඕන නිසා ආදායම් හංගනවා.