(අංජුල මහික වීරරත්න)
ඓතිහාසික මහනුවර නගරය විධිමත් ලෙස පුර්ණ සංවර්ධිත නගරයක් බවට පත් කිරීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් මණ්ඩලයේ ඒකමතික අනුමැතිය හිමිව තිබේ.
කටුගස්තොට දක්වා දිවෙන මධ්‍යම අධිවේගී මාර්ග ව්‍යාපෘතිය කඩිනමින් නිම කිරීම සඳහා ඒ අනුව පියවර ගැනෙනු ඇත.
කටුගස්තොට, මහනුවර සහ කුණ්ඩසාලේ යන ප්‍රදේශ කේන්ද්‍ර කරගනිමින් විශේෂ සංවර්ධන සැලැස්මක් සකස් කිරීම සඳහා නාගරික සංවර්ධන අධිකාරිය, මහනුවර දිස්ත්‍රික් සංවර්ධන කමිටුව, දිස්ත්‍රික්කය නියෝජනය කරන මැති ඇමතිවරුන් සහ නගර නිර්මාණ ක්ෂේත්‍රය පිළිබඳ විද්වතුන්ගෙන් සමන්විත විශේෂ කමිටුවක් පත් කිරීමට ද නියමිතය.
මෙම කමිටුව සෑම මාස දෙකකටම වරක් රැස්වී ව්‍යාපෘතියේ ප්‍රගතිය සමාලෝචනය කිරීමට නියමිත බව කැබිනට් ප්‍රකාශක, ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.
“ජනරජ පෙරහර” අවසන් වීමෙන් අනතුරුව අද (20) මහනුවර ජනාධිපති මන්දිරයේදී කැබිනට් මණ්ඩල රැස්වීම පැවැත්විණි.
2025 දෙසැම්බර් මස 18
364
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
221
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1009
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
සෙංකඩගල විසල් නගරයක් කරන්න කැබිනට් අනුමැතිය
රෙමාල් Monday, 20 February 2023 06:46 PM
මේවාට සල්ලි තියෙනවාද?
pakeer Monday, 20 February 2023 08:11 PM
ඔලුව ගලක වැදිලාද කොහේද?
විපරමා Monday, 20 February 2023 09:04 PM
චන්දෙ තියන්ඩ මුදල් නැහැ කියන පින් ජනපතියා මේ දේවල් කරන්නේ කොහොමද ? දූෂිත දේසපාලුවෝ රකින කිසිම ජනවරමක් නැති ,ලැජ්ජාවක් නැති ,රටට හෙනයක් වෙච්ච් එකෙක් ?
Sunil Tuesday, 21 February 2023 08:13 AM
මී හරකුන්ගෙ අනුමැතිය ලැබුනට විසල් නගර තැනෙනවද? එව දවල් හීන