IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


ස්කොට්ලන්ත ජාතිකයාට පහරදුන් බව කියන සිද්ධියෙන් මාලක සිල්වා නිදහස්

(රෝෂන් තුෂාර)

රාත්‍රී සමාජ ශාලාවකදී ස්කොට්ලන්ත ජාතිකයෙකුට හා ඔහුගේ බිරිඳට පහරදී තුවාල සිදු කළේ යැයි කියන හිටපු ඇමති මර්වින් සිල්වාගේ පුත් මාලක සිල්වා අදාළ චෝදනාවලින් නිදහස් කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පසාන් අමරසේන මහතා නියෝග කළේය.

පැමිණිල්ලේ පළමු සාක්ෂිකාර විදේශිකයා නඩු විභාගය සඳහා දිගින් දිගටම අධිකරණයේ පෙනී නොසිටීම හා විත්තිය වෙනුවෙන් ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් පසුව නිදහස් කිරීමේ නියෝගය නිකුත් කළේය.

2014 වසරේ සිදුවූ මෙම සිද්ධිය සම්බන්ධයෙන් පැමිණිලිකරුගේ කිසිම තැකීමක් හෝ අධිකරණයට ගරු කිරීමක් නොමැති බවත්,නඩුවේ සැකකරුවන් හය දෙනෙකු නීතිපතිවරයාගේ උපදෙස් පරිදි නිදහස් කර ඇති බවත්,මෙම නඩුව ගොනු කර ඇති පරමාර්ථය එයින් හැඟී යන බවත් විත්තිය වෙනුවෙන්  ජනාධිපති නිතීඥ මෛත්‍රී ගුණරත්න මහතා කරුණු දක්වමින් පැවසීය.

පළමු සාක්ෂිකරුට අධිකරණයේ පෙනී සිටින ලෙසට නියෝග කරමින් අවසන් වරට දින ලබාදී නොපැමිණි බැවින් තම සේවා දායකයා චෝදනාවලින් නිදහස් කරන ලෙසද ගුණරත්න මහතා ඉල්ලා සිටියේය.


අගතියට පත් පාර්ෂවය වෙනුවෙන් පෙනී සිටි සමීන්ද්‍ර රෝද්‍රිගූ මහතා කරුණු දක්වමින් කියා සිටියේ විදේශිකයාට අදාළ සිතාසිය යවා පණිවුඩය ලබාදීමට තමන්ට නොහැකි වූ බැවින් තවත් දිනයක් ලබා දෙන ලෙසය.


සාක්ෂිකරු වසර ගණනක් අධිකරණයට නොපැමිණ ඇති බව මහේස්ත්‍රාත්වරයා මෙහිදී පෙන්වා දුන්නේය.


2014 ඔක්තෝබර් 31 වෙනි දින බම්බලපිටිය රාත්‍රී සමාජ ශාලාවකදී නීති විරෝධී කල්ලියක සාමාජිකයින් වී ස්කොට්ලන්ත ජාතික ජෙම්ස් ප්‍රැන්සිස් කැසල්ලි සහ බිලින්දා මැකන්සි යන අයට පහරදී තුවාල සිදු කිරීම ඇතුළු චෝදනා පහක් යටතේ මෙම පැමිණිල්ල ට අදාළ චෝදනා 2022 ජනවාරි මස අධිකරණය හමුවේ ගොනු කර තිබිණි.


දෙපාර්ශවයේ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා අපරාධ නඩු විධාන සංග්‍රහ ඒකසිය අසූඅට දෙක වගන්තී ප්‍රකාරව චූදිත නිදහස් කරන බව නියෝග කළේය.


 

 



අදහස් (8)

ස්කොට්ලන්ත ජාතිකයාට පහරදුන් බව කියන සිද්ධියෙන් මාලක සිල්වා නිදහස්

ලුම්බිණි Friday, 15 March 2024 09:20 AM

මේකෙන් අදහස් වෙන්නේ නැහැ ස්කොට්ලන්ත ජාතිකයාට පහරදුන්නේ නැහැ කියල. ඒත් ගහපු එකා නිදහස්.

:       1       63

samanFriday, 15 March 2024 09:55 AM

ඕක තමයි ලංකාවේ නීතිය...!

:       0       1

samFriday, 15 March 2024 10:13 AM

එහෙමම කියන්න එපා ලුම්බිණි. සමහරවිට ඒ ස්කොට්ලන්ත ජාතිකයා තමාටම ගහ ගත්තා වෙන්න ඇති. මතකද, කාලෙට ඉස්සර, හමුදා මේජර් කෙනෙකුට ගහලා ඔළුව පලපු වෙලාවේ, ඒ මේජර් තමන්ටම ගහ ගත්තා කියලා පිලි අරගෙන මෙයාව නිදොස් කොට නිදහස් කෙරෙව්වනේ!

:       0       1

Bamunuarachchi Sunday, 17 March 2024 07:00 AM

මෙම තීන්දුවෙන් අදහස් වෙන්නේ නැහැ... මාලක සාන්ත දාන්ත වැදගත් පුද්ගලයෙක් කියලා. විදේශිකයා මේ ගැන තැකීමක් නැති නිසයි මෙයා නිදහස් වුනේ...

:       0       1

Tharindu Friday, 15 March 2024 11:33 AM

2014 සිදුවීමක් 2024 දක්වා නඩු අහලා.. මෙම ස්කොට්ලන්ත ජාතිකයා කීප වාරයක් මේ වසර 10 තුළ නඩුවට පෙනී සිටීමට පැමිණිය යුතුද?

:       0       0

විජිත් Friday, 15 March 2024 05:55 PM

සිද්ධිය වුනේ මෙහෙමයි... විදේශිකයාගේ බිරිඳගේ අතින් ඇදලා ගත්තාලු. මිනිහා හිතුවේ ලංකාවේ මිනිස්සු හිතුවා වගේ " ආ ඇමැති තුමාගේ පුතානේ.. කමක් නැහැ "කියලා හිතයි කියලා . නමුත් ඒ විදේශිකයා තම බිරිඳව බේරාගැනීමට සටන් කළා පමණක් නොව මදි නොකියන්න නෙළුවා. අන්න මිනිස්සු !!!

:       0       2

Prabha Friday, 15 March 2024 06:46 PM

ඒ මනුස්සයා උසාවි එනවා තියා ලංකාව තියන පැත්ත බලන් බත් කන්නෙවත් නැතිව ඇති...

:       0       2

නිහාල් Saturday, 16 March 2024 01:48 AM

2014 ඉඳලා නඩු කියකිය මේ රටේ ඉන්න ස්කොට්ලන්ත ජාතිකයාට විකාරද? මිනිහාට එපා වෙන්න ඇති මේ රටේ නඩු අහන හැටි දැකලා...

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 325 1
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 205 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1001 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site