
(ඉන්දිකා රාමනායක)
හලාවත කොට්ඨාශ අපරාධ විමර්ශන අංශය හෙරෝයින් සමඟ අත්අඩංගුවට ගත් සැකකරුවෙකු දින හතක රැඳවුම් නියෝග මත හලාවත පොලිස් ස්ථානයේ රඳවා සිටියදී එම සැකකරු සිරමැදිරියෙන් පලායාමේ සිද්ධියක් සම්බන්ධයෙන් පොලිස් සැරයන්වරුන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව හලාවත පොලීසිය පවසයි.
මෙම සැකකරු ඉකුත් 13 දින හෙරෝයින් මිලි ග්‍රෑම් 5870 ක් සමග කොට්ඨාස අපරාධ විමර්ශන අංශය මගින් අත්අඩංගුවට ගෙන තිබිණි.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ හලාවත වට්ටකල්ලිය ප්‍රදේශයේ පදිංචි (29) ජාවාරම්කරුවෙක් බව පොලිසිය පවසයි.
සැකකරු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර දින හතක රැඳවුම් නියෝග ලබාගෙන වැඩිදුර ප්‍රශ්න කිරීම සඳහා හලාවත පොලිසියේ රඳවා සිටියදී ඊයේ (16) දහවල් 12.30 ට පමණ එම සැකකරු පොලිස් සිර මැදිරියෙන් එකවරම පලා ගොස් ඇති බව පොලිසිය සඳහන් කරයි.
සිරමැදිරියේ රඳවා සිටි සැකකරුට ඉන් පලායාමට ඉඩ ලබාදීම සම්බන්ධයෙන් දිවා උපසේවයේ යෙදී සිටි පොලිස් ඇරයුම්වරයා සහ, දිවා රාජකාරී භාරව සිටි පොලිස් ඇරයුම්වරයා මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත.
2025 දෙසැම්බර් මස 18
524
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
269
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1067
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
සැකකරු පලා ගියේයැයි පොලිසියේ දෙන්නෙක් අත්අඩංගුවට