IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


දින 22කට පසු රට සඳුදා ඇරෙයි

(සුජිත් හේවාජුලිගේ)

කොවිඩ් 19 පාලනය කිරීම සඳහා රටපුරා පනවා ඇති සංචරණ සීමා ලබන 14 වැනිදා සඳුදා අලුයම 4.00ට ඉවත් කරන බව කොවිඩ් 19 පැතිරීම පාලනය කිරීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා අද (10) තහවුරු කළේය.

රටපුරා සංචරණ සීමා ඉවත් කෙරුණද පළාත් අතර ගමන් කිරීමේ සීමාව ඇතුළු අනෙකුත් සීමා දිගටම ක්‍රියාත්මක කෙරෙනු ඇති බවත් දිගටම පවත්වන සීමා සම්බන්ධයෙන් හෙට (11) දිනයේදී සාකච්ඡා කර අවසන් තීරණයක් ගන්නා බවත් යුද හමුදාපතිවරයා සඳහන් කළේය.

සංචරණ සීමා සහ වෙනත් කටයුතු සම්බන්ධයෙන් පැතිර යන කටකතා අසත්‍ය යැයි ද ඒවා විශ්වාස නොකරන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ යැයි ද ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසුවේය .

වෛද්‍ය විශේෂඥයන් සහ අදාළ අංශවල නිලධාරින් සමග පැවැත්වූ සාකච්ඡාවකින් පසුව මෙම තීරණය ගත් බව ඔහු වැඩිදුරටත් කීවේය.

කොවිඩ් 19 පාලනය සඳහා දිවයින පුරා මෙම සංචරණ සීමා පනවනු ලැබුවේ පසුගිය මැයි මස 21වැනිදා සිටය.

රට පුරා සංචාරය සීමා අද (10) වන විට ක්‍රියාත්මක කර ඇති දින ගණන 18කි.

මේ අතර මත්පැන් ශාලා වසා දැමීමද විවාහ මංගල්‍ය උත්සව තහනමද කොවිඩ් පාලනය සඳහා දිගටම ක්‍රියාත්මක වන බව රජයේ ආරංචි මාර්ග වලින් දන ගන්නට ඇත.



අදහස් (17)

දින 22කට පසු රට සඳුදා ඇරෙයි

fairoos Thursday, 10 June 2021 06:12 PM

කොරෝනා ව්‍යාප්තිය ලංකාවේ ඉන්දියාවට වඩා ඉදිරියෙන්ලු... එහෙනම් රට අගුල් දාන්නේ නැතිව අරින්න යනවා.

:       0       1

චුලා Thursday, 10 June 2021 06:33 PM

පිටරැටියන් මෙරටට ගෙන්වීමෙන් කෝවිඩ් වසංගතය නැවත ව්‍යාප්ත වීමට වැඩි ඉඩකඩක් තිබෙන අවස්ථාවක රටේ සංචරණ නීතිය ලිහිල් කිරීම මගින් වසංගතය රට තුළ ශීඝ්‍රයෙන් පැතිරීමට ඉඩකඩ වැඩි කිරීමට බලධාරීන් ක්‍රියා කරන්නේ මන්ද? දිනකට හමුවෙන රෝගීන් ප්‍රමාණය සහ මියයන ප්‍රමාණය මදි වෙලාද?

:       0       0

මහසෙන් Thursday, 10 June 2021 06:41 PM

ඕක දාලා තිබ්බා කියලත් වෙව්ච සෙතක් තියෙනවද? අනික කටකතා වලට රැවටෙන්නේ මොකටද? රජයේම ඉන්න පස් දෙනෙක් කතා කළොත් කතා 5ක් කියන්නේ. දැන් නහයටත් උඩින් ගිහින් ඉවරයි මහත්තයෝ... ජනතාවට බොරු කරන්න පුලුවන්. කොරෝනාවට බොරු කරන්න බෑ.

:       0       0

Senevi Thursday, 10 June 2021 06:45 PM

වෙනත් තැනක මේ වගේ ප්‍රවෘත්තියක් පලවී තියෙනවා දැක්කා. "කෝවිඩ් ආසාධිත හා ආසාධිතයින්ගේ මරණ සංඛ්‍යා ලේඛන අනුව ශ්‍රී ලංකාව ඉන්දියාවත් ඉක්මවා ඉතා භයානක තැනකට ගමන් කරමින් සිටින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි. " එවැනි භයානක තත්වයක් දක්වා මේ වසංගතය පැතිරී යන්නට ඉඩදෙමින් හැම දෙයක්ම හමුදාවට බාරදෙමින් වෛද්‍යවරුන් කියන දෙයක් පිළිගන්නනේ... නැතුව දවසින් දවසට හිතෙන හිතෙන දේ ක්‍රියාත්මක කරන්නට යාමේ ප්‍රතිඵලය තමා මෙයින් පෙනෙන්නේ. එක දවසක කියනවා අපි කුණ්ඩසාලේ එන්නත් හදනවා කියලා. තව දවසක කියනවා අපි රුසියන් එන්නත ලංකාවේ හදනවා කියලා. එහෙම පුච්චානම් කිය කියා ලෝකේ වටේ එන්නත් හිඟමනේ යනවා. මේ වසංගතය අභිමුවේ රටේ ආර්ථිකය නිසියාකාරව කළමනාකරණය කරගන්නට දැනුමක් නැති කටින් බතල හිටවන පිරිසක් දැන් කියන්නේ ලබන සඳුදා සිට රටම අරිනවා කියලයි. අපට නම් පෙනෙන්නේ වසංගතය තියෙන තරමට එය පාලනය කරන්නට ඉන්නා මිනිසුන්නේ සාක්කු පිරෙන බවකුයි. මේ වසංගතය පැතිරෙන්නට ඉඩ සලසන බවක් පෙනෙන්නේ ඒ නිසා නේද? නැත්නම් ආපහු සංචාරකයින් පිරිසක් එනවා වත්ද? ඒ අස්සේ සැප වාහන 399ක් ගෙන්වන වැඩෙත් කෙරීගෙන යනවා කියලා රඹුක්වැල්ල අැමැතිතුමාම කියනවා. අනේ අනිච්චන්...!!!

:       0       10

Pubudu Thursday, 10 June 2021 09:26 PM

පළාත් අතර සීමා නොවේ... දිස්ත්‍රික්ක අතර සීමාවක් දැනට ඕනේ.. මොකද ගම්පහ, කොළඹ තරමට අසාධිතයින් නෑ... වෙන දිස්ත්‍රික්කවල.

:       3       2

පොඩි මල්ලි Thursday, 10 June 2021 09:55 PM

වහලා තියෙද්දී මෙහෙම ලෙඩ්ඩු වැඩි වෙනකොට ඇරියම කොහොම තියෙයිද...? අනේ මන්දා.. කාඩ් බෝඩ් මිනී පෙට්ටි බිස්නස් එක තමා ඉස්සරහට හොදම කර්මාන්ත වෙන්නේ මේ යන විදිහට...

:       0       2

asanak Thursday, 10 June 2021 11:22 PM

හමුදාපතිතුමනි, පළාත් මට්ටමින් හෝ දිස්ත්‍රික්ක මට්ටමින් අනිවාර්යයෙන්ම සංචරණ සීමා නීති පනවන්න. එ්ක තමයි මේ වෙලාවේ හොඳම දේ.. ඒ මොකද ඉදිරියේදී පොසොන් උත්සවය දිග නිවාඩුවකට අපේ අය හරවා ගන්න නිසා.. අපේ සමහර මිනිස්සුන්ට කිසිම වගකීමක් නැහැ. එම නිසා මෙය 30 වෙනිදා දක්වා පනවනවා නම් තමයි හොඳ...

:       9       1

wicky Friday, 11 June 2021 08:35 AM

දැන් තව සතියක් විතර දික් කරන කියනවා නේද? හනෙ මන්ද...... වහනවා හිතුනම අරිනව. පොඩ්ඩක් අපිට පැහැදිලි කරන්න පුලුවන්ද ඔය ගන්න තිරණ වල දත්ත ?

:       0       6

Buddika Friday, 11 June 2021 10:42 AM

සංචරණ සීමා කොහේද තියෙන්නේ? පාරේ වාහන සාමාන්‍ය පරිදි යනවා. නගරවල ප්‍රසිද්ධියේ කඩ යම් ප්‍රමාණයක් ඇරලා.. මම ඉන්නේ කොළඹ දිස්ත්‍රික්කයේ හංවැල්ලේ... සිල්ලර බඩු කඩ බාගෙට ඇරලා.. එළවළු කඩත් ඇරලා. හාඩ්වෙයාර් එකත් ඇරලා ... පොලීසිය වහලා වගේ දැනෙන්නේ... රට අරින්න තරම් කොරෝනා පාලනය වෙලාද? නෑ. රෝගීන් අඩුවක් නෑ. මරණවල අඩුවක් නෑ. මාධ්‍යය ඉදිරියේ සියල්ල හොඳයි.

:       0       21

Pat Friday, 11 June 2021 11:29 AM

හමුදා පාලනය රටට හොඳයි..!!!

:       30       0

pakeer Friday, 11 June 2021 11:59 AM

ඇරියත් එකයි, වැහුවත් එකයි.., නැතත් එකයි.. කොරෝනා හැදුණත් එකයි, නැතත් එකයි. කොහොමත් එකයි. වැඩි වෙනසක් නැහැ. ආණ්ඩුව නමට තමයි හැමදේම කරන්නේ.. තේරුමක් ඇති දේවල් නොවේ. ෆේල් කියන්නේ පට්ට ෆේල්..

:       1       61

Rohana Friday, 11 June 2021 12:48 PM

මීටත් වඩා උවදුරගැන සිතාබලා තවත් සතියක් මේ යන ක්‍රමයටවත් පාලනය කළොත් හොඳබවයි පේන්න තියෙන්නේ...

:       0       14

දොලේවත්ත Friday, 11 June 2021 01:15 PM

ඇරියත්, වැහුවත් පරිස්සම් වෙන එකයි ඇත්තේ... ඡන්දෙ කාලෙට කවුරු හිටියත් දැන් අපට කවුරුවත් නෑ.

:       0       18

nimelen Friday, 11 June 2021 01:23 PM

මම ගවේෂණයක් කළා පසුගිය දවස්වල. රට වහන්න කියන හැමෝම ගෙදර නිකන් හිටියත් පඩිය එන අය. එදිනෙදා කීයක් හරි හොයගෙන කන අය, කුලියක් මලියක් කරගෙන ජීවත් වෙන අය කවුරුත් රට වහන්න කියන්නෙ නැති බවයි පේන්නේ. මේක නිකන් කිව්වේ මෙතන. රට වහන්න කියන එකටවත් අරින්න කියන එකවත් මට ගැටලුවක් නෑ. මටත් නිකන් ගෙදර හිටියත් කන්න බොන්න ලැබෙනවා..

:       1       6

sampath Saturday, 12 June 2021 12:01 AM

මත්පැන් තහනම් කරමුද? ප්‍රශ්නවලින් 60%ක් ඉවරයි. පවුල් ආරාවුල් අවම වෙයි. රිය අනතුරු අවම වෙයි. කෝලාහල අඩු වෙයි. හැමදේටම වඩා සෞඛ්‍යයේ වියදම අඩුවෙයි.

:       108       52

Sugath Sunday, 13 June 2021 05:17 PM

කොවිඩ් -19 හි වර්තමාන තත්වයට මූලික හේතුව GMOA නිලධාරීන් නොසිතන්නේ ඇයි? කරුණු සලකා නොගෙන "අගුළු දමන්න" යැයි කියයි.. සරල විශ්ලේෂණයකින් හෙළි වන්නේ දැන් රෝගීන්ගෙන් බහුතරයක් වාර්තා වී ඇත්තේ කර්මාන්තශාලා සහ රැකියා ආශ්‍රිත ස්ථාන වලින් බවයි. එබැවින් දිනපතා වාර්තා වන සිද්ධීන්ගෙන් 50%ක් අඩුකර ගතහැකි වන පරිදි ඒ පිළිබඳව තීරණය කිරීමට සහ හෝ එය ක්‍රියාත්මක කිරීම සඳහා පද්ධතිය ක්‍රියාත්මක කිරීමට කාලය එළැඹ ඇත. ආත්මාර්ථකාමී GMOA, තීරණ ගැනීමේ බලධාරීන් නොමඟ යැවීම පමණක් නොව, සුමට එන්නත් කිරීමේ වැඩසටහනකට ඉඩ නොදේ...

:       1       3

Nuwan Monday, 14 June 2021 12:09 PM

දොස්තර ශවේන්ද්‍ර ඔබ අමතයි...

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

එක්ප්‍රස් පර්ල් විමර්ශනය කඩිනම් කරන්න
2024 අප්‍රේල් මස 25 145 0

මෙරට මුහුදු තීරයේදී ගිනි ගැනීමට ලක්වූ එම්. වී.එක්ප්‍රස් පර්ල් නෞකාව සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනය අවසන් කර කඩිනමින් අධිකරණයට කරුණු වාර්තා කරන්නැයි ක


අමරවීර අපහාස කළැයි මෛත්‍රී කෝටියක් ඉල්ලයි
2024 අප්‍රේල් මස 25 309 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාව කැඳවීම පිළිබඳ සිදුකළ ප්‍රකාශයකින් සිය කීර්ති නාමයට හානියක් සිදුවී යැයි ද ඊට වන්දි ලෙස රුපියල් කෝටි 100 ක මුදලක් ගෙව


ලක්ෂ අසූව හැටට බැස්සුවාට ව්‍යාපාරික කතට ගිනි තියලා
2024 අප්‍රේල් මස 25 1336 0

ඉඩමක් විකිණීමේදී ඇතිවීයැයි කියන ආරවුලක් දුරදිග යාමෙන් මොරගහහේන වීදියගොඩ මොහොට්ටිගොඩ ප්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරික කතකගේ නිවෙසට ඊයේ හොර රහසේ ඇතුළු ව


සිංගප්පූරු සරසවියකින් මොරගොඩට උපහාරයක්
2024 අප්‍රේල් මස 25 190 0

සිංගප්පූරුවේ ජාතික විශ්ව විද්‍යාලයේ දකුණු ආසියානු අධ්‍යයන ආයතනය සමග පවතින සබඳතා අඛණ්ඩව පවත්වාගැනීම සදහා හිටපු හිටපු මහ කොමසාරිස් සහ පාත්ෆයින්ඩර් ප


ශ්‍රීලනිප මැයි රැලිය ගම්පහදී: මෛත්‍රී පිල තීරණය කරයි
2024 අප්‍රේල් මස 25 399 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි රැලිය, නිදහස් සේවක සංගමය ඇතුළු වෘත්තීය සමිති සංවිධානත්වයෙන් මැයි 1 වැනිදා ගම්පහ නගර සභා පිටියේදී පැවැත්වීමට කටයුතු යොදා


දුමින්ද ශ්‍රිලනිප වැඩ බලන මහ ලේකම්
2024 අප්‍රේල් මස 25 360 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව වැඩ බලන මහලේකම්වරයා ලෙසහිටපු ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පත්කර ඇත.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 324 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1709 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1550 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site