(නිමන්ති රණසිංහ)

ජනශක්ති රක්ෂණ සමූහ ව්‍යාපාරයේ අධ්‍යක්ෂ දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ මරණය සම්බන්ධයෙන් විමර්ශනය කළ පොලිස් නිලධාරියා සහ බොරැල්ල කනත්තේ සේවකයෝ දෙදෙනෙක් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජීන්ද්‍රා ජයසූරිය මහත්මිය ඉදිරියේ අද (13) මරණ පරීක්ෂණ සාක්ෂි ලබා දුන්හ.

මෙම මරණ පරීක්ෂණ සාක්ෂිය අද (13) පස්වරු 2.00ට පමණ ආරම්භ වූ අතර පැය දෙකක පමණ කාලයක් සාක්ෂිකරුවෝ සිය සාක්ෂිය ලබාදුන්හ. මෙම සාක්ෂිය සටහන් කර ගැනීම සිදුකෙරුණේ මහේස්ත්‍රාත් නිල මැදිරිය තුළදීය. ඒ හේතුවෙන් මරණ පරීක්ෂණයේ සාක්ෂි ලබාගැනීම වාර්ථා කිරීමට අධිකරණ මාධ්‍යවේදීන්ට හැකියාවක් නොවිණී.

ජන ශක්ති සමූහ ව්‍යාපාරයේ අධ්‍යක්ෂවරයාව සිටි දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ බිරිද ටානියා ෆර්මන් ෂාෆ්ටර්, ඔවුන්ගේ සමාගමක විධායක අධ්‍යක්ෂවරයකු වන හෙයියන්තුඩුවගේ ඔන්ඩ්‍රේ ෆ්‍රැට්රික් ත්‍රිස් පෙරේරා, ඔහුගේ සහෝදරයා වන රමේෂ් ෂාෆ්ටර්  යන සාක්ෂිකරුවෝ ඉකුත් දින මරණ පරික්ෂය පැවැත්වූ අවස්ථාවේදී සාක්ෂි ලබාදුන්හ.