
( බිමල් ශ්‍යාමන් ජයසිංහ)
ජනශක්ති රක්ෂණ සමූහ ව්‍යාපාරයේ අධ්‍යක්ෂ දිනේෂ් ෂාෆ්ටර් මහතා ගේ මළ සිරුර තැන්පත් කරන තිබෙන බොරැල්ල සුසාන භූමියේ එම වල ආසන්නයට ගිනි අවි සහිත පොලිස් ආරක්ෂාව යෙදවූ බව උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය .
බොරැල්ල පොලිසියේ නිලධාරීන් සිව් දෙනකු ඒ සඳහා යොදවා ඇත.
ෂාෆ්ටර් මහතාගේ මරණයට හේතුව සෙවීම සඳහා ඔහුගේ දේහය ගොඩ ගැනීමට අවශ්‍යව ඇතැයි ඒ වෙනුවෙන් පත් කළ පංච පුද්ගල විශේෂ වෛද්‍ය මණ්ඩලය කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයෙන් ඉකුත් ඉකුත් 18 වැනිදින ලිඛිතව ඉල්ලීමක් කළේය.
මරණයට අදාළව හේතුව නිර්ණය කිරීම සඳහා මරණකරුගේ දේහය ගොඩගෙන පරීක්ෂාවට ලක් කළ යුතුව ඇති බැවින් ඒ සඳහා අවසර ලබාදෙන ලෙස පංච පුද්ගල විශේෂ වෛද්‍ය මණ්ඩලය මහේස්ත්‍රාත් රජින්දා ජයසූරිය මහත්මියගෙන් ඉල්ලා තිබිණි.
දිනේෂ් ෂාෆ්ටර් මහතා ගේ මරණය සීය දිවි හානිකර ගැනීමක් ද ? ඝාතනයක්ද? යන්න තීරණයක් ගැනීම සඳහා පංච පුද්ගල විශේෂ වෛද්‍ය මණ්ඩලයක් පත්කිරීමට විශේෂඥ වෛද්‍යවරුන්ගේ නාම ලේඛනයක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ අතිරේක මහෙස්ත්‍රාත්වරිය සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල් වරයාට ඉකුත් පෙබරවාරි 17 නියෝග නිකුත් කළේය.
ඒ අනුව ජනශක්ති සමූහ ව්‍යාපාරයේ අධ්‍යක්ෂක දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ දේහය එළඹෙන බ්‍රහස්පතින්දා 25 ගොඩගැනීමට නියමිතව ඇතැයි උසස් පොලිස් නිලධාරියා වැඩිදුරටත් පැවසීය.
ඡායාරූප ළහිරු හර්ෂණ

2025 දෙසැම්බර් මස 18
527
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
269
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1068
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ෂාෆ්ටර්ගේ සොහොනට පොලිස් ආරක්ෂාව
Bunny Preena Monday, 22 May 2023 09:20 AM
පොලිස් නිලදාරීන් දෙදෙනා රාත්‍රියෙ මලවුන් සමග මොනවාගේ අත්දැකීමක් ලබන්ට ඇතිද ??