IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


ෂාෆ්ටර්ගේ විශේෂඥ වාර්තාව ඉක්මනින් ඉල්ලයි

(රෝෂන් තුෂාර)

ඝාතනයට ලක් වූ ප්‍රසිද්ධ ව්‍යාපාරික දිනෙෂ් ෂාෆ්ටර් මහතාගේ ජංගම දුරකථන සහ පරිගණක දත්ත සම්බන්ධයෙන් විශේෂඥ  වාර්තාව කඩිනමින් අධිකරණයට ඉදිරිපත් කරන්නැයි දන්වා රජයේ රස පරීක්ෂක වරයාට සිහිකැඳවීමේ ලිපියක් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ශණ කැකුණුවෙල මහතා අද(20) නිකුත් කළේය.

මරණකරු භාවිතා කළ විද්‍යුත් උපාංග  සම්බන්ධයෙන්  රජයේ රස පරීක්ෂක වාර්තාව තවමත් ලැබී නොමැති බවට ඉදිරිපත් වූ කරුණු සලකා බැලීමෙන් පසුව මහේස්ත්‍රාත්වරයා එම සිහි කැඳවීමේ ලිපිය නිකුත් කිරීමට නියෝග කළේය.

මරණකරුගේ ජංගම දුරකථන සිම්පත ව්‍යාපාර කටයුතු සඳහා භාවිතා කිරීමට බිරිඳට ලබාදීම සම්බන්ධයෙන් වන ඉල්ලීම රජයේ රස පරීක්ෂක වාර්තාව ලැබුණු පසු සලකා බලන බවද  අතිරේක මහේස්ත්‍රාත් වරයා  දන්වා සිටියේය.


අදාළ සිම්පත ලබාදීමේ හැකියාව සම්බන්ධයෙන් සලකා බලා ඒ පිළිබඳ වාර්තාවක් ලබන නඩු වාරයේදී ඉදිරිපත් කරන ලෙස රහස් පොලිසියට දන්වා සිටියේය.

දිනෙෂ් ෂාෆ්ටර් ඝාතනයට ලක්වීමට පෙර ව්‍යාපාර කටයුතු සඳහා භාවිතා කළ දුරකථන අංකය දැක්වෙන සිම්පත හෝ නව සිම්පතක් තමාට ලබාගැනීම සඳහා නියෝගයක් ලබාදෙන ලෙසට දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ බිරිද කළ ඉල්ලීම සම්බන්ධයෙන් කරුණු දක්වමින් මහේස්ත්‍රාත්වරයා එසේ පැවසීය.ජනාධිපති නීතිඥ අනුජ පෙමරත්න මහතා මෙම ඉල්ලීම ඉදිරිපත් කළේය.

සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් අනාවරණය කර ගැනීමේ විමර්ශන තවදුරටත් සිදුකරන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වැඩිදුර වාර්තාවක් ඉදිරිපත් කරමින්  අධිකරණයට දන්වා සිටියේය.

බොරැල්ල පොදු සුසාන භූමිය අසලදී සිදුවූ අභිරහස් සිද්ධියක් හේතුවෙන් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කළ ෂාෆ්ටර් මහතා ඉකුත් වසරේ දෙසැම්බර් මස 16 දින මියගොස් තිබුණි.



අදහස් (0)

ෂාෆ්ටර්ගේ විශේෂඥ වාර්තාව ඉක්මනින් ඉල්ලයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 354 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 213 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site