
(ටී.කේ.ජී.කපිල)
ෂීෂෙල්ස් රාජ්‍යය සහ ශ්‍රී ලංකාව අතර ඍජු ගුවන් ගමන් ආරම්භ කරමින් මංගල ගුවන් යානය එරට වික්ටෝරියා ගුවන් තොටුපොළේ සිට අද අලුයම කටුනායක ගුවන් තොටුපොළට ළඟාවිය .
මෙම ගුවන් ගමන සදහා එයා බස් ඒ.320 වර්ගයේ ගුවන් යානයක් යොදවා තිබුණි .
එයා ෂීෂෙල්ස් ගුවන් සේවයට අයත් එස්.ඊ.වයි.- 262 දරන මෙම ගුවන් යානය අද අලුයම 04.00 ට ෂීෂෙල්ස් රාජ්‍යයේ සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි .
මෙම ගුවන් යානයෙන් මගීන් 110 දෙනෙක් සමග කාර්යය මණ්ඩලය 06 දෙනෙක් ද පැමිණ සිටියහ .
ඔවුන් පිළිගැනීම සදහා විශේෂ උත්සවයක් කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ සූදානම් කර තිබුණි.


2025 දෙසැම්බර් මස 18
517
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
264
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1064
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ෂීෂෙල්ස් සිට ආ අමුත්තා
සත්‍ය ගවේෂී. Wednesday, 21 June 2023 07:11 AM
පවුල් පාලනයේ මුදල් ආයෝජනය කර තියෙනා එක් රටක් මෙය බවට පසුගිය කාලේ මහා ආන්දෝලනයක් තිබුණා.ඒත් ඒවා ගැන වගකිවයුතු කිසිවෙකු පරීක්ෂණ කළේ නැහැ.මේ ගුවන් යානා අපේ රටෙන් හොරකම් කල මුදලින් කව්රු හෝ අරන් දමපුවා වෙන්නට පුළුවන් නේද කියලා මට විතරද හිතෙන්නේ.අනේ මන්දා .. රටක් බංකොලොත් කරලාත් ඒ හොරුන් සතුටින් සුවෙන් ගත කරනවා.රටවැසියා දුකෙන් හා පීඩනයෙන් .. ඔවුන්ට නම් නීතිය බොහෝ වේගයෙන් තදින් ක්‍රියාත්මක වෙනවා.
Lalla Wednesday, 21 June 2023 07:18 AM
ඇත්තටම ඔය රටට අපේ තියෙන සම්බන්ධය මොකක්ද? මුදල් විශුද්ධිකරනය කරන ප්‍රසිද්ධම රටක්... ඒකද වැදගත්කම?
Kiriella Wednesday, 21 June 2023 11:49 AM
කොහෙන් හරි ගුවන් යානයක් පැමිණියොත් මල් කළඹක් අරන් දුවගෙන යනවා පිළිගන්න... මොකද මේ නාඩගම...
Nilantha Gamage Wednesday, 21 June 2023 03:57 PM
සංචාරක ව්‍යාපාර දියුණු කරන්න යනකොට, ගම් කබරස්ලා අකුල් හෙලනවා. හොරු අල්ලන්නත් බෑ.., හොරාගත්තු මුදල් හොයන්නත් බෑ... ණය අය කරගන්නත් බෑ. ඉතින් ගුවන් යානේ කාගේ වුණාම මොකද?
සත්‍ය ගවේෂී.Wednesday, 21 June 2023 04:59 PM
අනුන්ට ගම් කබරස් කියනා මේ ඔරිජිනල් ගම් කබරස් හට රටේ දේ හොරකම් කරපු එක, රට බංකොලොත් කළ එක ගාණක් වත් නැහැ. අනේ මෙහෙමත් අමනයින්...