
(විමුක්ති එස් රුද්‍රිගු)
ෂාරුක් ඛාන් ගේ ජවාන් චිත්‍රපටය ගෝලීයව උපයා ගත් ආදායම ඉන්දීය රුපියල් කෝටි 1000 කට ආසන්න වී තිබේ.
ජවාන් චිත්‍රපටය තිරගත වීම ආරම්භ වී 13 වැනි දිනයේදී ඉන්දීය රුපියල් කෝටි 907.5 ක ආදායමක් ලබා ගනිමින් ගෝලීය බොක්ස් ඔෆිස් වාර්තා අතරට එක්ව ඇත. ඉන්දියාව තුළ පමණක් ජවාන් චිත්‍රපටය ලැබූ අදායම ඉන්දීය රුපියල් කෝටි 500 පසුකර තිබේ.
ජවාන් චිත්‍රපටය ඉන්දීය රුපියල් කෝටි 1000 ක ආදායමක් කරා යන ගමනේදී වාර්තා කිහිපයක්ද බිඳ දැමීමට සමත් වී තිබේ.
තිරගත වීම ආරම්භ කර දිනයේ ගෝලීයව වැඩිම අදායමක් ඉපැයූ හින්දි චිත්‍රපටය ජවාන් වේ.ජවාන් චිත්‍රපටය පළමු දිනයේදී ගෝලීයව ඉන්දීය රුපියල් කෝටි 129.6 ක් උපයා ගැනීමට සමත් විය.එසේම ඉන්දියාව තුළද තිරගත කිරීම ආරම්භ කර දිනයේ වැඩිම ආදායමක් ඉපැයූ චිත්‍රපටය ජවාන් වේ.
එසේම එදාමෙදා තුර දිනක් ඇතුලත වැඩිම ආදායමක් උපයා ගත් ඉන්දියානු චිත්‍රපටයද ජවාන් වන අතර ජවාන් චිත්‍රපටය එක් දිනක් තුළ කෝටි 80ක ආදායමක් ලබා ගෙන ඇත.එසේම පළමු දින තුන තුළ ඉන්දීය රුපියල් කෝටි 200 ක අදායමක් උපයා ගත් පළමු බොලිවුඩ් චිත්‍රපටයද ජවාන් වේ.එපමණක් නොව අඩුම කාලයක් තුළ ඉන්දීය රුපියල් කෝටි 400 ක අදායමක් ලැබූ බොලිවුඩ් චිත්‍රපටයද ජවාන් ය.
මෙම වාර්තා පමණක් නොව තවත් වාර්තා රාශියක් බිඳ දැමීමට ෂාරුක් ඛාන්ගේ ජවාන් චිත්‍රපටයට හැකියාව ලැබී ඇත.
2025 දෙසැම්බර් මස 18
281
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
188
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
994
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ෂාරුක්ගේ ජවාන් කෝටි 1000 ආසන්නයේ