
(දයාරත්න ඇඹෝගම)
අනුරාධපුර,රත්මලේ තිස්ස විදුහලේ පහ වසර ශිෂ්‍යත්ව විභාග මධ්‍යස්ථානයේ සේවය කළ ශාලාධිපති ඇතුළු තිදෙනෙකුගේ සේවය අත්හිටුවිමට පියවර ගෙන ඇති බව උතුරු මැද පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ එස්.එම්.ඩබ්.සමරකෝන් මහතා අද(19)දින පැවසිය.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් ශාලාධිපතිවරයා ඇතුළු මෙම තිදෙනා ගෙන් පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්ව පසුගියදා ප්‍රකාශ සටහන් කොට ගෙන තිබුණි.
පසුගිය 15 වැනි දින අනුරාධපුර,රත්මලේ තිස්ස විදුහලේ පහ වසර ශිෂ්‍යත්ව විභාග මධ්‍යස්ථානයේදි විභාගය පැවැත්විමට පෙර පළමු විභාග ප්‍රශ්න පත්‍රය එම විභාග මධ්‍යස්ථානයේ සහකාර ශාලාධිපතිවරයා විසින් සිය ජංගම දුරකතනයෙන් ජයාරැප ගත කොට උපකාරක පංති පවත්වන ගුරුවරු පිරිසකට යවා ඇති බවට සිදුකළ මුලික විමර්ශණයේදි තහවුරැවු බවද පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂකවරයා මෙහිදි පැවසිය.
ඒ අනුව එම ශිෂ්‍යත්ව විභාග ශාලාවේ සේවය කළ ශාලාධිපතිවරයාත්,සහකාර ශාලාධිපතිවරයාත්,එම විභාග ශාලාවේ සේවය කළ ගුරැවරැයෙකුගේත් සේවය අත්හිටුවා ඔවුන්ට විරැද්ධව ඉදිරි ක්‍රියාමාර්ග ගැනිමටද නියමිතය.
COMMENTS
ඔන්න ගුරු සංගම් සහ ස්ටාලින් ,මහින්ද ජයසිංහ ඇතුළු නඩයට ,මෙහෙව් නොහොබිනා ගුරු හොරුන් නිසා සමස්තයම අපවාද අසන්නට වෙන හැටි . විනයක නැති සමාගම්
ගුරෙක් දෙන්නෙක් ඔහොම කළා කියලා සංගම් නායකයෝ මොනවා කරන්නද? මම දන්නා විදියට ඔය ගුරාලා රනිල්ගෙ ගෝලයෝ, අන්න වසන්ත සමරසිංහ චෙක්පත් අංක එක්කම රනිල්ගේ සහ සජිත්ගේ ගෝලයෝ බාර් ෆර්මිට් විකුණපු හැටි කියනවා...
චන්දන, ඔයා කොහොමද කියන්නේ ඔය ගුරාලා අර සංගම්වල බව, වෘතිය සමිති නීත්‍යානුකූල පිහිටවපු ලෝකෙ පිළිගත් ආයතන, ඔයාට බැහැ කෙනෙක් ඔහොම කලා කියලා සංගමයකට දොස් තියන්න. දරුවෙක් වරදක් කළත් දෙමාපියන්ට දොස් තැබීම සාධාරණද?
ඔය අයගේ FB ප්‍රොෆයිල් බලන්න. රට හදන හෑලිවලින් පිරිලා ඉතිරිලා යනවා ඇති...
චන්දන, කොහේද ඉන්නේ.? උඩ ඉඳන් පහළටම විනය තියෙනවද? මේවා තමයි වෙනස් කළ යුත්තේ...!
ඔය කියන තිදෙනාම අර සහොදරයෝ කියන අයගේ කට්ටිය තමයි ! ළමා පරපුරෙ මනස විකුර්ති කරන මෙවන් අයට රට දුන්නොත් කොහොම තියේවිද?
සංගමය නිදි
මේ කියන්නේ අර විභාගය පැවැත්වෙන අතරතුර පිටවුන පේපර් එක ගැන නේද මම නම් හිතන්නේ ඒක සමාජගත වුණ එක හොඳයි. ඒ නිසා තමයි අපට දැනගන්නට පුළුවන් වුණේ ඒක අලව්ව පැත්තේ ගුරුවරයෙක් තමන්ගේ පන්ති වල ලමයින්ට ඒ පේපර් එක උගන්වා ඇති බව හා වෙනත් අයට විකුණා ඇති බව. මම නම් හිතන්නේ මුලින්ම කරන්න ඕන අර අලව්ව පැත්තේ හොරා සහ පේපර් එක පෙන්නන්න විභාග දෙපාර්තමේන්තුවෙන් උදව් කළ කාලකණ්ණි ටික අල්ලාගෙන දඩුවම් කළ යුතු බව.
බොහොම හොඳයි, මෙය විය යුතුමයි. විමර්ශනයෙන් පසු වැරදිකරුවන්නම් විශ්‍රාම වැටුප සහ වෙනත් කිසිදු රාජ්‍ය සේවයක යෙදීමත් තහනම් කළ යුතුයි. ජාතික විභාගයක විශ්වාසය ඉතාමත් වැදගත්ය.
ඔය පරීක්ෂණ කරගෙන යන අතර තුර ඕකට සම්බන්ධ තුන්දෙනාගේ සේවය අත් හිටුවලා මදි. අනෙක් අයටත් පාඩමක් විදියට කිසිම දීමනාවක් නැතුව සේවයෙන් නෙරපා හැරලා.... ඕකුන්ට දෙන්න තියෙන පැන්ෂන්, දීමනා, හැම එකක්ම නතර කරලා... ගෙදරම යවන්න ඕනේ.. අර හැමදාම ගුරු හොරුන්ගේ පැත්ත අරන් බුරන ස්ටාලිප් කෝ දැන්...? මේකටත් බුරන්න ඕනේ නේද...? අහින්සක ළමයින්ගේ ජීවිත එක්ක සෙල්ලම් කරන පාහරයෝ... ප්‍රශ්න පත්තර කොහොමහරි ලබා ගත්ත එවුන් ඉන්නවානේ ඔය පෝන් චෙක් කරලා.. එවුන්ටත් ටියුශන් තහනම් කරන්න ජීවිත් කාලෙටම. හොර මගෝඩිකම් පොඩි එවුන්ට උගන්නලා මේ රටට හොරු බිහිකරනවාට.