(රන්ජන් කටුගම්පොළ)
රහස් පොලිසියේ හිටපු ප්‍රධානී ශානි අබේසේකර මහතාට විශේෂ පොලිස් බළකා ආරක්ෂාව ලබාදීම පිළිබඳව ප්‍රගති වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස අභියාචනාධිකරණය නීතිපතිවරයාට නියෝග කළේය.
අභියාචනාධිකරණය මෙසේ නියෝග කළේ තම ආරක්ෂාව වැඩි කරන ලෙස ඉල්ලා රහස් පොලිසියේ හිටපු ප්‍රධානී ශානි අබේසේකර මහතා ගොනුකර තිබූ රිට් පෙත්සමක් සලකා බැලීමෙන් පසුවය.
මෙම රිට් පෙත්සම අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ ශෂී මහේන්ද්‍රන් යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ සලකා බැලින.
තමන්ට ලබා දී ඇති ආරක්ෂාව ප්‍රමාණවත් නොමැති බව සඳහන් කරමින් තම ආරක්ෂාව වැඩි කිරීමට නියෝග කරන රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා රහස් පොලිසියේ හිටපු ප්‍රධානී ශානි අබේසේකර මහතා විසින් මෙම රිට් පෙත්සම ගොනු කරනු ලැබ ඇත.
පෙත්සම්කරු වෙනුවෙන් ජනාධිපති නීතිඥ උපුල් ජයසූරිය මහතා පෙනී සිටියේය.
නීතිපති වෙනුවෙන් අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ රොහාන්ත අබේසූරිය මහතා පෙනී සිටියේය.
2025 දෙසැම්බර් මස 30
106
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
739
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
367
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
ශානි ගැන වාර්ථාවක් අධිකරණයෙන් ඉල්ලයි
සමන් විමල් Wednesday, 21 February 2024 06:43 PM
දේශපාලුවන්ගේ ගෙවල්වල වළං හෝදන්න ආරක්ෂාවක් මොකෝ?
Lelwala Thursday, 22 February 2024 11:40 AM
වන් සොට් ගේ ෆිල්ම් වල නේ රගපැවේ