(විමුක්ති එස් රුද්‍රිගු)
මානව හිමිකම් උල්ලංඝනය කිරීම සහ ජාත්‍යන්තර මානුෂීය නීතිය කඩ කිරීම සම්බන්ධව වගකීම ශ්‍රී ලංකාවට නිල වශයෙන් ලබා දිය යුතු බව කොංග්‍රස් සාමාජිකයන් 12 දෙනකු ලිපියක් මාර්ගයෙන් බයිඩන් පරිපාලනයෙන් ඉල්ලා ඇතැයි ෆොරින් පොලිසි වෙබ් අඩවිය වාර්තා කර ඇත.
මෙම කොංග්‍රස් සාමාජිකයන් 12 දෙනාගේ අත්සනින් යුත් ලිපිය ඇමෙරිකානු රාජ්‍ය ලේකම් ඇන්තනී බ්ලින්කන් වෙත යවා තිබෙන බවත් එම ලිපියෙන් වධහිංසාවට එරෙහි එක්සත් ජාතීන්ගේ සම්මුතියේ 30 වැනි වගන්තිය යටතේ ශ්‍රී ලංකාව සම්බන්ධව කටයුතු කරන ලෙස ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවෙන් ඉල්ලා ඇති බවත් ෆොරින් පොලිසි වෙබ් අඩවිය පෙන්වා දී තිබේ.
යුක්තිය සහ වගවීම සම්බන්ධයෙන් සැලකිය යුතු ප්‍රගතියක් ලබා ගැනීමට ශ්‍රී ලංකාව සමත් වී නොමැති බවද එම ලිපියේ සඳහන් වන බව එම වෙබ් අඩවිය වාර්තා කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ශ්‍රී ලංකාව වගවීම කියන වචනේ අහලවත් දන්නේවත් නැතුව කොහොමද වගවෙන්නේ? අනේ කවුරුහරි ඒක මේ ගොල්ලන්ට තේරුම් කරලා දෙන්නකෝ...?
එහෙනම් ඇමෙරිකාව වෙනත් රටවලට කරපු අපරාධ සම්බන්ධව ලංකාවට ලිපියක් දෙන්න.