IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


ශෂී වීරවංශගේ නඩුවට දින දෙයි

(නිමන්ති රණසිංහ)

ආගමන විගමන දෙපාර්තමේන්තුව වෙත ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කරමින් රාජ්‍ය තාන්ත්‍රික විදෙස් ගමන් බලපත්‍රයක්  ලබා ගැනීම සඳහා ඉල්ලුම් පත්‍රයක් ඉදිරිපත් කළ  බවට චෝදනා ලැබූ පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාගේ බිරිය වන ශෂී වීරවංශ මහත්මිය සම්බන්ධ දෙවැනි නඩුවේ විභාගය ලබන පෙබරවාරි මස 24 වැනිදා තෙක් කල් තැබීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් නන්දන අමරසිංහ මහතා අද (18) නියෝග කළේය.

මෙම සිද්ධියට අදාළ 10 වන සාක්ෂිකරු වන හිටපු ආගමන විගමන පාලක චූලානන්ද පෙරේරා මහතාට ලබන පෙබරවාරි මස 24 වෙනි දින අධිකරණයේ පෙනී සිටින ලෙසට ද මහේස්ත්‍රාත්වරයා සිතාසි නිකුත් කළේය.

චූදිතට එරෙහිව අධිකරණය හමුවේ විභාග වූ මෙවැනි ම අනෙක් නඩුව සම්බන්ධයෙන් ශෂී වීරවංශ මහත්මිය වරදකරු වීමෙන් පසු වසර දෙකක අනිවාර්ය සිර දඬුවමක් අධිකරණයෙන් නියම වූයේ ඉකුත් මැයි මස 27 වැනිදා ය.

එම සිර දඬුවමට අමතරව රුපියල් ලක්ෂයක දඩයක් නියම කළ අධිකරණය එය නොගෙවන්නේ නම් මාස හයක 6 ක සිර දඬුවමක් ද නියම කළේය.

පසුව එම නියෝගයට එරෙහිව වීරවංශ මහත්මිය කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා හමුවේ අභියාචනයක් ඉදිරිපත් කිරීමෙන් පසු මේ වන විට ඇප මත නිදහස්ව සිටින්නීය.



අදහස් (1)

ශෂී වීරවංශගේ නඩුවට දින දෙයි

Perera Saturday, 19 November 2022 12:11 PM

මේ වගේ වංචාවංශලාට ඡන්දෙ දෙන්න බූරුවෝ ඕනෑතරම් ඉන්න රටක් ලංකාව...

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 139 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 950 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site