(රෝෂන් තුෂාර)
කිරිඉබ්බන්වැව පිහිටි මහවැලි අධිකාරියට අයත් ඉඩමක ඉදිකළ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ දේශපාලන කාර්යාලය අරගල කරුවන් විසින් 2022 දී ගිනිබත් කිරීමෙන් සිදුවූ හානියට රුපියල් 8850000.00ක වන්දි මුදලක් රජයේ නිලධාරීන්ට බලපෑම් කර ලබා ගනිමින් රාජ්‍ය දේපළ සාපරාදී සාවද්‍ය පරිහරණය කරන ලදැයි කියන හිටපු රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා ලබන 19 දින දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා අද(12) නියෝග කළේය.
සැකකරුට ඇප ලබා දෙනවාද නැද්ද යන්න පිළිබඳ නියෝගය එදින ප්‍රකාශයට පත් කරන මහේස්ත්‍රාත්වරයා දන්වා සිටියේය.
සැකකාර රාජපක්ෂ මහතාට නින්දේදී එක් පැයකට තිස්පස් වතාවක් හුස්ම හිරවීමේ රෝගයක් පවතින බැවින් එය සුවිශේෂී කරුණක් ලෙස ගෙන ඇප ලබා දෙන්නැයි විත්තියේ නීතිඥවරු ඉල්ලා සිටියේය.
ඊට පිළිතුරු ලබා දුන් අල්ලස් කොමිසම සඳහන් කර සිටියේ පැයකට 35 වතාවක් හුස්ම හිරවෙන සැකකරු මාසයක් බන්ධනාගාරගතව සිටි බවත් රෝගය ඔය කියන තරම් බරපතල නම් මේ වනවිට මියගොස් සිටිය යුතු බවත්,එසේ එයින් ඔහුට බරපතල රෝගයක් පවතින බවට අල්ලස් කොමිසම විශ්වාස නොකරන බවත් සඳහන් කළේය.එසේ හෙයින් ඇප ලබාදීම ප්‍රතික්ෂේප කරන ලෙසද ඉල්ලා සිටියේය.
දෙපාර්ශවයේ කරුණු සලකා බැලූ ප්‍රධාන මෛත්‍රාත්වරයා රෝගී තත්ත්වය පිළිබඳව ලිඛිත දේශන ගොනු කරනකරන ලෙසට දන්වා සිටියේය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
ශෂින්ද්‍රට හුස්ම හිරවෙන ලෙඩක්ලු
අරවින්ද මොණරවිල Friday, 12 September 2025 12:54 PM
වැඩේ ඉක්මනින් ඉවර කර ගන්න පුළුවන් වෙයි දිගටම බන්ධනාගාරයේ හිටියොත් !
janaka Friday, 12 September 2025 12:56 PM
දැන් මේ වගේ හුස්ම හිරවෙන ලෙඩ හිරේ යන මැති ඇමැතිලා හදනවා නේද?
යෝගා සහ ගුණරත්න ඩෝබි සමාගම Friday, 12 September 2025 01:05 PM
යකඩෝ... ලෙඩ කඳවල්නේ රටේ ජනතාව 2048දී වැල් පාලමෙන් එගොඩ කරවන්න හැදුවේ.
Ruwan Friday, 12 September 2025 01:09 PM
මේවා අහලා අපිට හුස්ම හිරවෙනවා අප්පා
මහසෙන් Friday, 12 September 2025 01:55 PM
යකඩෝ බන්ධනාගාර ගත කළාම ද මේ ලෙඩේ හැදිලා තියෙන්නේ. ඒ කියන්නේ ගෙදර ඉන්න කොට මෙයා නිදාගෙනම නැද්ද? එක පැයකට 35 වතාවක් පැය 8 නිදාගත්තා නම් හුස්ම හිරවෙන ගාන අනුව ජීවත් වෙලා ඉන්න එකත් පුදුමනේ.
Pradeep Kumara Friday, 12 September 2025 01:56 PM
හුස්ම හිරවෙන වාර ගාන ගනින්න සහ ඒවා සටහන් තබා ගන්න "හුස්ම පාලක" කියලා කෙනෙක් ගෙදර හිටියද දන්නෑ නේද?
Pradeep Kumara Friday, 12 September 2025 02:00 PM
කොහොමත් ජඩ වැඩ, හොර වැඩ කරපු, මිනී මරපු එවුන්ට නින්ද යන්නේ නෑ. සමහර විට හීනෙන් බෙල්ල මිරිකනවා වගෙත් දැනෙනවා ඇති. දැන් ඉතිං කුම්බලා මාළු කාපු බළල්ලුන්ට වෙච්ච දේ තමයි.
ගමේ එකාලා Friday, 12 September 2025 02:19 PM
දෙවියෙක් වගේ බෙල්ලන කෙනෙක් ඉන්නේ කොළඹ මහ ඉස්පිරිතාලෙ, ගිහින් හම්බ වෙන්නකෝ...?
සිධ්ධාලේප තෙන්නකෝන් Friday, 12 September 2025 02:25 PM
නිදාගන්න යන්න ඉස්සෙල්ලා අහවල් එකේ හොඳට සිධ්ධාලේප ගාන්න, හුස්ම හිරවෙන රෝගය නිට්ටාවටම සුව වෙනවා !!!
කෝරලගේ Friday, 12 September 2025 02:53 PM
ඔහු මිලියන 4000ක් රැස් කළ ආකාරය සොයා, ඔහුගේ සියලු දේපළ අත්පත් කර ගන්න. මේ රාජපක්ෂ පරම්පරාවේ ඔක්කෝම කම්බර් හොරු. දේශපාලනයට මුන්ගේ පස්සෙන් යන අපේ රටේ තවමත් මෝඩ මිනිස්සු ඉන්නවානේ... අනේද කියන්නේ...?
විපරමා Friday, 12 September 2025 03:02 PM
දූෂිත පවුල් පාලන ආණ්ඩුව කාලේ රාජ්‍ය ඇමැති. මහාපරිමාණ හොරකම් වංචා දූෂණ වලින්ගසා කාලා හම්බ කරන කොට ඔය කිසිම ලෙඩක් නැහැ.හිරේට ගියාම තමා නැති ලෙඩත් මතුවෙන්නේ?
විදුරංග Friday, 12 September 2025 03:11 PM
ස්ලීප් අැප්නියා කියන්නේ මහ ලොකු ලෙඩක් නෙමෙයි. මටත් තිබුණා. එක දවසක් වත් මෙඩිකල් නිවාඩු දුන්නේ නැහැ ඒකට. මොවුන් මහ තොත්ත බබ්බු...
Ruwan Friday, 12 September 2025 04:04 PM
ශශීන්ද්‍රයෝ.. කමෙන්ට් කියවන්න..හුස්ම නවතී.
කව්ද බෝයි Friday, 12 September 2025 05:00 PM
එක සැරේම හුස්ම ටික පිටකරලා හිටහල්ලකෝ. එතකොට ආපහු හිරවෙන්න හුස්මක් නැහැනේ.
Jagath Leanage Friday, 12 September 2025 06:19 PM
හුස්ම සදකාලිකම හිරවෙලාම තියෙන්න සෙට් කරන්න බැරිද?
දොස්තර Friday, 12 September 2025 06:42 PM
නින්දෙදී පැයකට 35 වතාවක් හුස්ම හිරවෙන අරුම පුදුම ලෙඩක් තියෙන කෙනෙක් ගැන අපි ඔය ඇහැව්වාමයි .
Nandana Friday, 12 September 2025 06:43 PM
අපායේ දොරටුව අරින්න.