(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
රට පුරා ශිෂ්‍ය පාර්ලිමේන්තුවලද විද්‍යුත් ඡන්ද ප්‍රකාශ කිරීමේ ක්‍රමය ස්ථාපනය කිරීම සඳහා සහාය ලබාදීමට ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව එකඟවී ඇත.
එහි ආරම්භය ලෙස ඇහැලියගොඩ ජාතික පාසලේ ශිෂ්‍ය පාර්ලිමේන්තු මැතිවරණය සඳහා විද්‍යුත් ඡන්ද ප්‍රකාශ කිරීමේ ක්‍රමය භාවිතයට ගැනීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු නිලධාරීහු උපදෙස් ලබාදුන්හ.
“ශීෂ්‍ය පාර්ලිමේන්තුවේ විද්‍යුත් ඡන්ද ප්‍රකාශනයට අත්වැලක්” මැයෙන් පැවති මෙම දැනුවත් කිරීමේ වැඩසටහනට ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ ඉහළ නිලධාරීහු පිරිසක් සහභාගීවූහ.
එහිදී ශීෂ්‍ය-ශිෂ්‍යාවන්ට සහ ආචාර්යවරුන්ට සිය අදහස් සහ යෝජනා ඉදිරිපත් කිරීමටද අවස්ථාව හිමි විය.
ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා විද්‍යුත් යන්ත්‍රයක් භාවිත කිරීමෙන්, මුද්‍රිත ඡන්ද පත්‍රිකා, ඡන්ද පෙට්ටි යනාදිය සඳහා වන පිරිවැය ඉතිරි වන අතර, ඡන්ද ගණනය සඳහා වැයවන ශ්‍රමය සහ කාලයද අවම කරගත හැකි බව මැතිවරණ විශේෂඥයෝ පවසති.
2025 දෙසැම්බර් මස 18
281
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
188
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
994
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ශිෂ්‍ය පාර්ලිමේන්තුවලටත් විද්‍යුත් ඡන්ද මැෂින්
රාජදොරේ Friday, 14 October 2022 12:12 PM
රත්නපුර දිස්ත්‍රික්කයේ අධ්‍යාපන මට්ටම ඉතාමත් පහල තියෙන්නෙ කොළඹ දිස්ත්‍රික්කයේ අයට බදුල්ලේ ඉගෙනුම තහනම් වුනත් රත්නපුර දිස්ත්‍රික්කයේ පාසැල් කොළඹ කලුතර මාතර කෑගල්ල දිස්ත්‍රික්කවල දරුවන්ට තහනම් නැහැ ඒ නිසා වෙන්න ඇති මේ පහසුකම් ඇහැලියගොඩ පාසැලට දීලා තියෙන්නෙ