(රෝෂන් තුෂාර)
අල්ලස් කොමිසමේ නිලධාරීන්ට මරණීය තර්ජන එල්ල කළේ යැයි කියන බන්ධනාගාරගත ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ සැකකාර විශේෂඥ ස්නායු ශල්‍ය වෛද්‍යවරියගේ දියණිය දැඩි ඇප කොන්දේසි මත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලී ජයතුංග මහත්මිය අද (09) නියෝග කළාය.
අල්ලස් කොමිසමේ නිලධාරීන්ට අඩම්තේට්ටම් කිරීම හා මරණීය තර්ජන එල්ල කිරීම සම්බන්ධයෙන් දණ්ඩ නීති සංග්‍රහය පනතේ වගන්ති ප්‍රකාරව කෙසෙල්වත්ත පොලිසිය ඉදිරිපත් කළ බී වාර්තාව සලකා බැලීමෙන් පසුව මෙසේ ඇප නියම කළාය.
මෙසේ ඇප නියම වුයේ හේමාලී විජේරත්න නමැති සැකකාරියට වෙි. සැකකාරියට දැඩි අවවාද කළ මහේස්ත්‍රාත්වරිය රුපියල් ලක්ෂ පහක ශරීර ඇපයක් නියම කළාය .
මරණීය තර්ජන එල්ල කිරීම සම්බන්ධයෙන් සිසි ටීවී දර්ශන වළ ඇතුළත් කරුණු පොලිසිය විසින් අධිකරණයට පැවසීමෙන් පසුව සැකකාරියගේ නීතිඥවරයා කරුණු ඉදිරිපත් කරමින් සඳහන් කර සිටියේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකාරිය කොන්දේසි විරහිරතව සමාව අයදීමට සූදානම් බවය. දෙපාර්ශවය ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරිය ඇප නියම කළාය.
ශල්‍ය වෛද්‍යවරියගේ දියණියට ඇප
ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
ශල්‍ය වෛද්‍යවරියගේ දියණියට ඇප
Rata Perata Wednesday, 09 July 2025 11:29 AM
අම්මපා දුප්පත් මිනිස්සුන්ගෙන් හොරකම් කරපු සල්ලි වලින් කළ මේ අයට තෙලේ වැඩි වෙලා. කුඩු විකුණලා හරි සල්ලි ටිකක් හොයා ගත්තාම ඔක්කෝම හිතන්නේ ඔවුන් නීතියටත් උඩින් කියලා.. එහෙම සමාජයක්නේ හිටපු දේශපාලකයෝ හැදුවේ...