IMG-LOGO

‘ශ්‍රී ලන්කන් ගුවන් යානා අසූවකට නියමුවන් නෑ‘

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ගුවන් යානා 80ක නියමුවන් නැතැයි කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පාර්ලිමේන්තුවේ දී අද (23)පැවසීය.

ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ගුවන් යානා 13ක් පසුගිය ජුනි මස 18 සිට c2 දක්වා කාලයේදී අවලංගුවී තිබෙන බවද ඔහු සඳහන් කළේය.

ඔහු මෙසේ පැවසුවේ සභාවේ  කටයුතු ආරම්භයේදී ප්‍රකාශයක් කරමිනි.

දයාසිරි ජයසේකර මහතා මෙසේද සඳහන් කළේය.

අවලංගු වුණු ගුවන් යානා වල  මගීන් රඳවලා තියෙන්නේ ඒ  වටේ තියෙන හෝටල් වල. ගිය  වියදම කොච්චරද කියලා කවුරුත් දන්නෙ නැහැ. මේ අය කොරෝන කාලෙත් ඇවිල්ල වැඩ කළා. අද ඒක දෙන්නෙ  නැහැ. අපේ ඇමැතිතුමා ඒ කරුණු වසන් කරලා තමයි සියලු දේ කතා කළේ. ගුවන් සමාගම  විකුණන්න අවශ්‍ය කරන වැඩපිළිවෙල සකස් කරලා තියෙන්නේ. ඒකයි මෙහෙම කටයුතු කරන්නෙ. මේක වට්ටවන්න වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වෙනවා. මගීන් ගෙන යන බස්වලට ඇතුළට යන්න දෙන්නෙ නැහැ.මිනිස්සු පාරවල් දිගේ බැග්  ඇදගෙන යනවා.

ඊයේ  මම ලොතරැයි මණ්ඩලය ගැන කතා කළා. නමුත් ඒක  එක  රූපවාහිනියකවත් දැම්මේ නැහැ. මොකද ඒවා දැම්මොත් දැන්වීම් දෙන්නෙ නැති නිසා. බලං ගියාම  විකාශන අධිකාරී පනත හොඳයි. විශාල ප්‍රශ්න ගණනාවක් ඒකෙ ඇතුළේ  තියෙනවා.

මෙහිදී අදහස් දැක්වූ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙසේ පැවසීය

ශ්‍රී ලංකන් එයාර් ලයින් ආයතනයේ ගුවන් නියමුවන් හැත්තෑවක් පසුගිය කාලයේදී ඉවත් වෙලා  තියෙනවා. දැනට ඉන්නේ 260 කට අඩු ප්‍රමාණයක්. මේ අවුරුද්දේ තවත් දහ අටක් එමිරේට්ස් යන්න ඉන්නවා. රටට ගුවන් නියමුවන් 330 ක් අවශ්‍යයි. නමුත් ඉන්නේ 260යි. එතකොට ඉන්න ගුවන් නියමුවන්ට සිද්ධ වෙනවා ජාත්‍යන්තර නීති කඩ කරලා වැඩ කරන්න. පියාසර කිරීම බොහෝම අසීරු දෙයක්. ඒ වගේම මමත් ආස දෙයක්. විවේක කාලය කෙටි කරලා මේ අයට අද වැඩ කරන්න වෙලා. එතකොට ගුවන් මගීන්ගේ ජීවිතවලට  අවදානමක් මතු වෙනවා. මේ ගුවන් නියමුවන්ගේ ප්‍රශ්නය විසඳන්න කියලා රජයෙන්  ඉල්ලනවා.



අදහස් (10)

‘ශ්‍රී ලන්කන් ගුවන් යානා අසූවකට නියමුවන් නෑ‘

hira Friday, 23 June 2023 12:23 PM

අම්බෝ ලංකාවට මෙච්චර ප්ලේන් තියනවද

:       0       10

Jagath Wickramasekara Friday, 23 June 2023 12:32 PM

පුද්ගලීකරණය කරන්න

:       0       4

sukitha Friday, 23 June 2023 12:41 PM

80ක්? පාරේ යන බසුත් එක්කද? වෙබ් එකේ තියෙන්නේ 24 කියල. එච්චර තියනවද කියන එකත් සැකයි. ඉන්දියන් එයාලයින් එකෙත් තියෙන්නේ 113.

:       0       12

kamal Friday, 23 June 2023 01:51 PM

ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ වට්ටන්නට දෙයක් නොමැත. එය වැටී බොහෝ කල්ය.

:       1       10

විජේ Friday, 23 June 2023 02:17 PM

තමන්ට පැවරිලා තියන කාරනාව හැර අනිකුත් සියලුම දේ ගැන ඇගිලි ගහන හින්දනෙ අර එකපාරක් චීත්ත ඇමති උනේ

:       2       5

kotiya Friday, 23 June 2023 02:45 PM

මේ උත්තා ගංජා ගහලද කොහෙද. තියෙන්නෙත් ප්ලේන් 20ක් විතර.

:       1       7

sukini Friday, 23 June 2023 03:11 PM

මොහු වැනි අය දේශපාලනය කිරිමෙන් රටට පාඩු 2ක් සිදු වෙනවා. 1. මොවුන් කරන රටට අහිතකර වැඩ 2. රටට සේවයක් කරන්න පුළුවන් අයගේ අවස්ථාව නැති වෙන එක. මෙහි 1 ට වඩා 2 බරපතලයි.

:       1       7

raheem Friday, 23 June 2023 03:26 PM

ලංකාවෙ තියෙන්නෙ ගුවන්යානා 20යි . කොහෙන්ද 80ක් ගෙන්නවෙ ?

:       1       9

LallaSaturday, 24 June 2023 06:06 PM

තේරුම් ගන්න... ගුවන් ගමන් අසූවක්... යානා අසූවක් නොවේ... ගුවන් යානයකට පයිලට් ගානේ නෑ නොවේද?

:       0       0

නිහාල් Friday, 23 June 2023 04:45 PM

ඕක ඉක්මනට විකුණලා දාන්න. තව පහු උනොත් ඕක ගන්න කවුරුත් නැති වෙනවා.

:       1       8

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 522 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 699 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 285 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site