IMG-LOGO

2025 සැප්තැම්බර් මස 13 වන සෙනසුරාදා


ශ්‍රී ලංකා මුද්‍රණ හා වෙළෙඳ ප්‍රදර්ශනය ඇරැඹෙයි

(විමුක්ති එස් රුද්‍රිගු)

ශ්‍රී ලංකා මුද්‍රණකරුවන්ගේ සංගමය සංවිධානය කරන ශ‍්‍රී ලංකා මුද්‍රණ හා වෙළෙඳ ප‍්‍රදර්ශනය 2023 නිල වශයෙන් හඳුන්වාදීමේ උත්සවය පසුගිය 17 වැනිදා බත්තරමුල්ල වෝටර්ස් එජ් හෝටලයේ නෙලුම් ශාලාවේදී පැවැත්විණ.

මෙම අවස්ථාවට ශ්‍රී ලංකා මුද්‍රණකරුවන්ගේ සංගමයේ වත්මන් සභාපති අනිල් කාරියවසම් මහතා, හිටපු සභාපති පීටර් ඩෙකර්, පළමු උප සභාපති ජනක රත්න කුමාර, දෙවන උප සභාපති නිශාන්ත පෙරේරා, මහ ලේකම් එම්.සෙන්තිල්නාදන්, භාන්ඩාගාරීක උදය හෙට්ටිආරච්චි යන මහත්වරුන් ඇතුළු සම්භාවනීය අමුත්තෝ රැසක් සහභාගී වූහ.

මෙවර ශ‍්‍රී ලංකා මුද්‍රණ හා වෙළෙඳ ප‍්‍රදර්ශනය 2023 සඳහා ප්‍රධාන අනුග්‍රාහකත්වය කොනිකා මිනොල්ටා සමාගම සපයන අතර ප්ලැටිනම් අනුග්‍රාහකත්වය KWO ප්‍රින්ටින් නීඩ්ස් සමාගම සපයනු ලබයි.

එසේම මෙවර ප්‍රදර්ශනය සඳහා රන් අනුග්‍රාහකත්වය ඇඩ්වාන්ස් ප්‍රින්ටින් ටෙක්නොලොජීස්, JDC ප‍්‍රින්ටින් ටෙක්නොලොජීස් සහ මෙට්‍රොපොලිටන් ටෙක්නොලොජීස් යන සමාගම් සපයයි. එසේම මාධ්‍ය අනුග්‍රහය විජය පුවත්පත් සමාගම සහ එක්ස්ප්‍රස් පුවත්පත් සමාගම සපයනු ලබයි.

මෙවර ශ‍්‍රී ලංකා මුද්‍රණ හා වෙළෙඳ ප‍්‍රදර්ශනය 2023 එළඹෙන ඔක්තෝබර් මස 26 වැනිදා සිට 28 වැනිදා දක්වා බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදි පැවැත්වීමට නියමිත අතර කොවිඩ් වසංගතය හේතුවෙන් වසර 3 ක කාලයක් නවතා දමා තිබූ මුද්‍රණ සහ ඇසුරුම් සම්මාන උළෙල එළඹෙන ඔක්තෝබර් මස 27 වැනිදා මරීනෝ බීච් හෝටලයේදී පැවැත්වීමට නියමිතව ඇත.

(ජයමාල් චන්ද්‍රසිරි)

 

 

 

 



අදහස් (0)

ශ්‍රී ලංකා මුද්‍රණ හා වෙළෙඳ ප්‍රදර්ශනය ඇරැඹෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 331 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 101 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 788 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site