ශ්රී ලංකා නාවික හමුදාව සහ ජපාන ස්වයං ආරක්ෂක බලකාය අතර මාණ්ඩලික සාකච්ඡා කොළඹ ප්‍රදීපාගාර අවන්හල් පරිශ්‍රයේදී පැවැත්විණි.
මෙහි දෙවන දින සාකච්ඡාව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති අතර නාවික හමුදාපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා මහතා විසින් ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයා පිළිගන්නා ලදී.
ජපන් අග්‍රාමාත්‍යවරයාගේ විශේෂ උපදේශකයෙකු වශයෙන් කෙන්තාරෝ සොනූරා මහතාද මෙම අවස්ථාව සඳහා එක්වූ අතර දෙවන දිනයේ සාකච්ඡාව ආරම්භ කරමින් අධ්‍යාක්ෂ ජෙනරාල් මෙහෙයුම් රියඅද්මිරාල් නිරාජ ආටිගල මහතා ජපන් නියෝජිත පිරිස පිළිගත්තේය.
දින දෙකක් පුරා පැවැති මෙම සාකච්ඡාවට ශ්‍රී ලංකා නාවික හමුදාව නියෝජනය කරමින් නිලධාරීන් 10 දෙනෙකු සහභාගී වූ අතර එහි ප්‍රධානත්වය අධ්‍යක්ෂ නාවික මෙහෙයුම් කොමදෝරු සංජීව ඩයස් මහතා විසින් දරන ලද අතර ජපාන නියෝජිත පිරිසේ ප්‍රධානත්වය හිරෝයුකි හබුවි මහතා විසින් දරන ලදී.
කොමදෝරු සංජීව ඩයස් මහතා සහ හිරෝයුකි හබුවි මහතා අවබෝධතා ගිවිසුම් හුවමාරුකරගත් අයුරු සහ රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා සහ ජපන් අග්‍රාමාත්‍යවරයාගේ විශේෂ උපදේශ කකෙන්තාරෝ සොනූරා මහතාද ඡායාරූපයේ වෙයි.
ඡායාරූප - ඩික්සන් වසන්ත
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
ශ්රී ලංකා - ජපාන ආරක්ෂක නිලධාරී සාකච්ඡාවක
chandima Friday, 15 February 2019 06:39 PM
නුදුරු දිනයක ලංකාවේ ව්‍යාපාර ආරම්භ කරලා ඉන්දියාවට තමන්ගේ නිෂ්පාදන විකුණන්න ජපන්නු ලංකාවට එනවා නම්, ජපන්නුන්ට ඕන විදියට ඒ ගොල්ලන්ගේ ව්‍යාපාර ආරක්ෂා කරන්න ආරක්ෂක ගිවිසුම් වලට එළඹෙන්නම වෙනවා...