IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ විශිෂ්ටතම භටයා ප්‍රියංකර - කාන්තාව ලක්‍ෂිකා

(යොහාන් භාසුර)

ශ්‍රි ලංකා ගුවන් හමුදාවේ 2022 වසරේ විශිෂ්ටතම ගුවන් භටයා ලෙස බළලත් නිලධාරි ආර්.ජී.එස්. ප්‍රියංකර සහ විශිෂ්ටතම ගුවන් කාන්තාව ලෙස කෝප්‍රල් ඒ. පී. ලක්ෂිකා සම්මාන ලැබූහ.

ශ්‍රි ලංකා ගුවන් හමුදාවේ උන්නතිය වෙනුවෙන් තම වෘත්තියට අභිබවා යමින් නිර්මානශීලි නිපැයුම් සහ නව සොයාගැනීම් ආදි නොයෙකුත් කරුණු ඔස්සේ කටයුතු කිරීම වෙනුවෙන් මෙම විශිෂ්ටතම සම්මාන පිරිනැමේ.

ඒ අනුව විශිෂ්ටතම ගුවන් භටයා ලෙස සම්මාන ලැබූ බළලත් නිලධාරි ආර්.ජී.එස්. ප්‍රියංකර චීනවරාය ගුවන් හමුදා විද්‍යාපීඨයේ අංක. 1 විවේක හා විනෝදස්වාද පක්ෂාංගයට අනුයුක්තව සේවය කරන අතර විශිෂ්ටතම ගුවන් කාන්තාව ලෙස සම්මාන ලැබූ කෝප්‍රල් ඒ. පී. ලක්ෂිකා, කටුනායක ගුවන් හමුදා මුලික කඳවුරේ නිලධාරී නිවස්නයේ භෝජනාගාර සහයිකාවක ලෙස සේවය කරන්නීය.

කණ්ඩායම් අංශයේ විශිෂ්ටතම තත්ව පාලන කණ්ඩායම ලෙස ශ්‍රී ලංකා ගුවන් හමුදා දියතලාව කදවුරු කණ්ඩායම ද, විශිෂ්ටතම පරිසර කළමණාකරණ ව්‍යාපෘති කණ්ඩායම ලෙස ශ්‍රී ලංකා ගුවන් හමුදා පාලවි කණ්ඩායම ද, විශිෂ්ටතම පර්යේෂණ කණ්ඩාම ලෙස ශ්‍රී ලංකා ගුවන් හමුදා මීරිගම කදවුරේ ගුවන් ආරක්ෂක රේඩාර් බලඝණයේ කණ්ඩායම ද, සම්මාන ලැබීය.

අදාල වර්ෂය තුළ ගුවන් හමුදාවේ එක් එක් වෘත්තින්ට අදාල විශිෂ්ටතම ගුවන් භටයා තේරීම පිළිගත් ක්‍රමවේදයට අනුව එම වෘත්තියේ අධ්‍යක්ෂක මණ්ඩලයේ අධික්ෂණයන් යටතේ කිරීමෙන් අනතුරුව ගුවන් හමුදාධිපතිවරයා කරන තේරීම් කමිටුවේ නිර්දේශයන්ට අනුව වැඩිම ලකුණු ලබාගන්නා ගුවන් භටයා සහ ගුවන් කාන්තාව වසරේ විශිෂ්ටතම ගුවන් භටයා හා ගුවන් කාන්තාව ලෙස සම්මාන ලබන අතර නව සොයාගැනීම් හා නව නිපයුම් කරන කාණ්ඩායම් සදහා ද සම්මාන පිරිනමයි.

ගුවන් හමුදා විශිෂ්ටතා සමිමාන ප්‍රධානෝත්සවය ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ මහතාගේ ප්‍රධානත්වයෙන් කටුනායක ගුවන් හමුදා ඊගල්ස් ලැගුන්විවි උත්සව ශාලාවේදී පසුගියදා පැවැත්විණි.



අදහස් (1)

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ විශිෂ්ටතම භටයා ප්‍රියංකර - කාන්තාව ලක්‍ෂිකා

සුපුන් Saturday, 18 March 2023 04:09 PM

මෙලෝ වැඩකට නැති හමුදාවක් දැන්... ඕවා තමයි කරන්න තියෙන්නේ. අර ආමි එකයි, නේවි එකයි මොනවා හරි දෙයක් රටට කරනවා. මෙයාලගේ තියෙන්නේ තනිකරම ගොන් ආතල් තමයි.

:       7       9

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 428 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 237 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1029 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site