IMG-LOGO

ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනයේ මිල ගණන් එලෙසමයි

දේශීය වෙළඳපොළ තුළ පවතින භාණ්ඩ හා සේවාවන්හි අසාමාන්‍ය මිල ඉහළ යාම පාදක කරගනිමින් මහජනතාව වෙත බරක් පැටවීම වෙනුවට, මහජනතාවගේ සහ පාරිභෝගිකයන්ගේ යහපත වෙනුවෙන් සහන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක විය යුතු කාලය එළඹී ඇති බව ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනය සඳහන් කරයි.

ඒ අනුව, වෙළඳපොළ තුළ දක්නට ලැබෙන මිල වැඩිවීම් සියල්ල මධ්‍යයේ වුවද ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනය විසින් පවත්වනු ලබන පාඨමාලා සියල්ලෙහි මිල ගණන්, විවිධ පාඨමාලා පිරිනැමීම සඳහා අයකෙරෙන ගාස්තු නොවෙනස්ව, දැනට අයකරගෙන යන ආකාරයෙන්ම පවත්වාගෙන යාමටත්, පිරිවැය වැඩිවීම නිසා ගාස්තු වැඩිවීමක් සිදුකිරීම නොවැළැක්විය හැකි නම් මිස වෙනත් කිසිදු හේතුවක් මත කිසිදු ගාස්තුවක් ඉහළ නංවා නොසිටීමටත් ඒකමතිකව තීරණය කර ඇති බවත් එම ආයතනය කියයි.

බාධක ජයගනිමින් සංවර්ධනයේ නව මාවත් විවර කරගනිමින් ශ්‍රී ලංකාව නැවතත් ලෝකය ඉදිරියේ අභිමානයෙන් නඟාසිටුවන්නට උපයෝගී වන ප්‍රබලතම අවිය අධ්‍යාපනය බව අපි දැඩිව විශ්වාස කරමු. ඒ අභිමානවත් දේශය ගොඩනැගීම උදෙසා ප්‍රඥාවන්තයන් බිහි කිරීම වෙනුවෙන් හැම මොහොතකම පෙරමුණ ගන්නට ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනය අව්‍යාජව කැප වී සිටින බවද එම ආයතනය කියයි.

-සටහන- චමින්ද මුණසිංහ



අදහස් (0)

ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනයේ මිල ගණන් එලෙසමයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 95 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 538 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 963 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site