IMG-LOGO

2025 සැප්තැම්බර් මස 20 වන සෙනසුරාදා


ශ්‍රී ලංකාවේ සියයට 20 කට කොරෝනා එන්නත දෙන්න ලෝක සෞඛ්‍ය සංවිධානය එකඟ වෙයි

 

ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් 20% කට ‘කොවිඩ්-19’ වයිරසය සඳහා නිපදවන එන්නත ලබාදීමට ලෝක සෞඛ්‍ය සංවිධානය එකඟතාව පළ කර ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ මෙරට නේවාසික නියෝජිත වෛද්‍ය රාසියා පෙන්ඩ්සේ මහත්මිය අද (9) දැනුම් දුන්නා ය.

කොවිඩ්-19 රෝගය වැළැක්වීම සදහා ශ්‍රී ලංකාව තුළ ඊට අදාළ එන්නත භාවිත කිරීම සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍ර වන්නිආරච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේදී අද (9) පැවැත්විණි.

එහිදි අදහස් දැක්වූ ලෝක සෞඛ්‍ය සංවිධානයේ මෙරට නේවාසික නියෝජිත වෛද්‍ය රාසියා පෙන්ඩ්සේ මහත්මිය, මෙරට ජනගහනයෙන් සියයට 20 කට ‘කොවිඩ්-19’ වයිරසය සඳහා නිපදවන එන්නත ලබාදීමට ලෝක සෞඛය සංවිධානය එකඟතාව පළ කර ඇතැයි දැනුම් දුන්නා ය.

මෙම එන්නත ලබාදීම සඳහා වන කරුණූ සෙවීමට කමිටුවක් පත් කරන්නැයි ද සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය එහිදි නිලධාරීන්ට උපදෙස් දුන්නා ය.

ඒ අනුව ඒ සදහා අවශ්‍ය අරමුදල් සම්පාදනය කිරිම, එන්නත ලබාදෙන පිරිස් තීරණය කිරිම, ඊට අදාළ භෞතික සම්පත් කළමණාකරණය, තොරතුරු ලබාගැනීම, කරුණු ගොනු කිරිම වැනි කාරණා සම්බන්ධයෙන් සොයාබැලීම සඳහා සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියාගේ උපදෙස් මත විශේෂ කමිටුවක් පත් කෙරෙනු ඇත.

ඖෂධ නිෂ්පාදන, සැපයීම සහ නියාමන රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන, සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් මේජර් ජනරාල් වෛද්‍ය සංජීව මුණසිංහ , සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන යන මහත්වරුන් සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරුන් ඇතුළු නිලධාරීන් පිරිසක් ද එක්ව සිටියහ.

055



අදහස් (4)

ශ්‍රී ලංකාවේ සියයට 20 කට කොරෝනා එන්නත දෙන්න ලෝක සෞඛ්‍ය සංවිධානය එකඟ වෙයි

සෙනෙවිරත්න Monday, 09 November 2020 12:54 PM

දරුව බඩට ඇවිල්ලවත් නැහැ දීග දෙන්න මිනිිිිිිහෙක් හොයනව. කොහේ තියෙන එන්නත් ගැනද මේ කියන්නෙ... 20% නොමිලේ දිල අපිට සල්ලි වලට දෙන්න කවුරුන් රවටන්න ද මේ....? මුට්ටි ගගට දාපු එකේ පාට් 02මේ

:       2       11

dimitri siraz Monday, 09 November 2020 01:07 PM

මෙ හදන්නෙ ශ්‍රී ලංකාවෙ මිනිස්සු පරීක්ෂණ මීයෝ කරගන්න වැඩක්. ඛෙහෙත අත්හදා බලන්න හදන්නේ. ලෝකයේ රටවල් කීයකට දීලා තියෙනවද දැනට?

:       0       9

Narendra Goonetillake Monday, 09 November 2020 01:50 PM

මා යෝජනා කරනවා වයස 60 වැඩි සියළු දෙනාටත් දියවැඩියා, වකුගඩු ආබාධ, වැනි දරුණු ගනයේ ලෙඩ ඇති කුමන වයස් සීමාවක අයටත් මෙය නොමිලයේ විදිය යුතුයි. අනෙත් අයට මුදලකට දුන්නාට කමක් නෑ. ජාත්‍යන්තර පිලිගන්නා ක්‍රමවේදය මෙයයි.

:       6       5

ලලිත් Tuesday, 10 November 2020 06:09 AM

කාට නැතත් අර පාර්ලිමේන්තුවේ ඉන්න හිඟන්නෝ ටිකයි, ඔවුන්ගේ දුප්පත් පවුල්වල අසරන නෑදෑ හිතවතුන්ටයි දීලා ඉතුරු වුනොත් අපිටත් දේන්න කීයක්හරි අපෙන් ගත්තත් කමක් නැහැ... අර කට්ටිය හුඟක් අසරන අයනේ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31629 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14045 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11099 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 175 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1105 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 307 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site