IMG-LOGO

2025 සැප්තැම්බර් මස 13 වන සෙනසුරාදා


ශ්‍රී ලංකාවේ ශක්තිමත්ම බැංකු සන්නාමය කොමර්ෂල්

කොමර්ෂල් බැංකුව ශ්‍රී ලංකාවේ ප්‍රබලතම බැංකු සන්නාමය ලෙස අඛණ්ඩව සිව්වැනි වසරටත් ශ්‍රේණිගත කර ඇති අතර, ලොව ප්‍රමුඛතම ස්වාධීන සන්නාම තක්සේරු උපදේශක ආයතනය වන ‘බ්‍රෑන්ඩ් ෆයිනෑන්ස්’ විසින් සමස්තයක් ලෙස මෙරට දෙවැනි ශක්තිමත් සන්නාමය ලෙසටද ශ්‍රේණිගත කරනු ලැබ ඇත.

ශ්‍රී ලංකාවේ වටිනාම සහ ශක්තිමත්ම සන්නාම 100 පිළිබඳ නිකුත් කර ඇති 2023 ‘බ්‍රෑන්ඩ් ෆයිනෑන්ස්’ වාර්තාවෙහි, කොමර්ෂල් බැංකුව රුපියල් බිලියන 43.553ක සන්නාම වටිනාකමක් සමඟ රටේ වටිනාම පෞද්ගලික අංශයේ බැංකුව ලෙස ශ්‍රේණිගත කර ඇති අතර, කොමර්ෂල් බැංකු සන්නාමය සියලු අංශවල තුන්වැනි වටිනාම සන්නාමය ලෙස ද නම් කර ඇත.

සන්නාම ශක්තිය ආශ්‍රිතව ‘බ්‍රෑන්ඩ් ෆයිනෑන්ස්’ විසින් කොමර්ෂල් බැංකුව වෙත ‘සන්නාම ශක්ති දර්ශකය’ අනුව ලකුණු 87.8ක් ලබා දී ඇති අතර, එය පෙර වසරට වඩා ලකුණු 1.1කින් ඉහළ ගොස් ඇත. එසේම සන්නාමයට AAA ශ්‍රේණියක් පවරා ඇති අතර කොමර්ෂල් බැංකුවට පසුගිය වසර සඳහා එම ශ්‍රේණියම ලබාදීම කැපී පෙනේ.

‘බ්‍රෑන්ඩ් ෆයිනෑන්ස්’හි මෙම සන්නාම ශ්‍රේණිගත කිරීම පිළිබඳව අදහස් දක්වමින්, කොමර්ෂල් බැංකුවේ කළමනාකාර අධ්‍යක්‍ෂ සහ ප්‍රධාන විධායක නිලධාරී සනත් මනතුංග මහතා මෙසේ පැවසීය. ‘ගතික ආයතනික සන්නාමයක් ලෙස, කොමර්ෂල් බැංකුව සියවසක් පුරා ගොඩනැගුණු උරුමය, විශ්වාසය, මූල්‍ය ශක්තිය සහ විශ්වාසනීයත්වය නියෝජනය කළ අතර, ඊට අමතරව එම සන්නාමය මෑත වසරවල ඉහළ කාර්යසාධනය, සමාජයීය වගකීම්, නව්‍යකරණය සහ විශිෂ්ට පාරිභෝගික සේවාව පිළිබිඹු කළේය. කොමර්ෂල් බැංකුවේ සෑම සේවයකයකුම සන්නාමය නියෝජනය කරන වටිනාකම් සජීවී කිරීමට කැපවී සිටින අතර, නවතම ‘බ්‍රෑන්ඩ් ෆයිනෑන්ස්’ ශ්‍රේණිගත කිරීම සමස්ත කොමර්ෂල් බැංකු කණ්ඩායමටම උපහාරයක් වනවා.’

2023 ශ්‍රේණිගත කිරීමෙහි සන්නාම 100හි සමස්ත වටිනාකම පෙර වසරට සාපේක්‍ෂව සියයට 16 කින් පහත වැටී ඇති බවත්, එයට හේතුව ශ්‍රී ලංකාව විසින් 2022 දී විඳදරාගත් ගැඹුරු අභියෝග බව ‘බ්‍රෑන්ඩ් ෆයිනෑන්ස්’ අනාවරණය කළේය. ඒ අතරම රටේ වටිනාම අංශය ලෙස අඛණ්ඩව පවතින ශ්‍රී ලංකාවේ බැංකු ක්‍ෂේත්‍රය සමස්ත සන්නාම වටිනාකමින් සියයට 47 ක කොටසක් හිමිකරගෙන ඇත. කෙසේ වෙතත් එම අංශයේ මුළු වටිනාකම සියයට 9 ක පහත වැටීමක් වාර්තා කළේය.

595



අදහස් (0)

ශ්‍රී ලංකාවේ ශක්තිමත්ම බැංකු සන්නාමය කොමර්ෂල්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 340 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 101 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 789 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site