IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


ශ්‍රී ලංකාවේ වලංගු මුදල් ඒකකය ‘ශ්‍රී ලංකා රුපියල’ පමණයි

(යොහාන් භාසුර)

දේශීය ගෙවීම් සහ පියවීම් සඳහා ශ්‍රී ලංකාවේ වලංගු මුදල් ඒකකය වන ශ්‍රී ලංකා රුපියල එලෙසම පවතින බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

ශ්‍රී ලංකාව තුළ නේවාසිකයන් අතර සිදුවන සියලු ගනුදෙනු සඳහා භාවිත කළ හැක්කේ ශ්‍රී ලංකාවේ වලංගු මුදල් ඒකකය වන ශ්‍රී ලංකා රුපියල පමණක් බවත් මහ බැංකුව එම නිවේදනයෙන් අවධාරණය කරයි.

ශ්‍රී ලංකා සංචාරක ව්‍යාපාරයේ ඉන්දියාව ප්‍රධාන මුලාශ්‍ර රටක් වන බැවින් බැංකු ගනුදෙනු සඳහා ඉන්දීය රුපියල නම් කරන ලද විදේශ ව්‍යවහාර මුදල් වර්ගයක් ලෙස අනුමත කිරීම ඉන්දියානු සංචාරකයින්ට වැඩි පහසුවක් බවත්  ඉන්දියානු රුපියල නම් කරන ලද විදේශ ව්‍යවහාර මුදල් වර්ගයක් ලෙස අනුමත කිරීමෙන් ශ්‍රී ලංකාව තුළ දේශීය ගෙවීම් සහ පියවීම් සඳහා ඉන්දීය රුපියල වලංගු මුදල් ඒකකයක් බවට පත් නොවන බවත් ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි.

1979 වසරේ මැයි මස සිට හදුනාගත් විදේශ ව්‍යාහාර මුදල් 16 ක් මේ වන විට නම් කර ඇති බවත් එම මුදල් එසේ නම් කිරීමෙම් ප්‍රධාන අරමුණ ශ්‍රී ලංකාව සහ එම රටවල් අතර වෙළෙඳ සහ ආයෝජන සම්බන්ධතා පහසු කිරීම බව ද ශ්‍රී ලංකා මහ බැංකුව වැඩි දුරටත් පවසයි.

ඉන්දියානු රුපියල සම්බන්ධයෙන් රට තුළ සංසරණය වෙමින් තිබෙන වැරදි තොරතුරු පිළිබඳ දැනුවත් කිරීම සදඟා ශ්‍රී ලංකා මහ බැංකුව එම නිවේදනය නිකුත් කර තිබේ.



අදහස් (2)

ශ්‍රී ලංකාවේ වලංගු මුදල් ඒකකය ‘ශ්‍රී ලංකා රුපියල’ පමණයි

Najima Wednesday, 02 August 2023 07:03 PM

Bricks හොඳයි... අලුත් මුදල්නේ. රුසියාව, චීනය, ඉන්දියාව වගේ අලුත් වෙන හින්දා...

:       0       0

Demuni de Silva Thursday, 03 August 2023 04:06 AM

එය එසේ විය යුතුය!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 434 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 242 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1032 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site