
ලෝක ප්‍රකට Brands Finance ආයතනය විසින්, ශ්‍රී ලංකාවේ වඩාත් වටිනාම ආහාරපාන සන්නාමය ලෙස නෙස්ලේ පසුගියදා නම් කෙරුණි. අඛණ්ඩව 19 වැනි වරටත් සිදුකෙරුණු මෙම ශ්‍රේණිගත කිරීම, ශ්‍රී ලාංකික සන්නාමවල වටිනාකම සහ ශක්තිය අගයනු ලබයි.
LMD Brands Annual 2022 හි පළ කරන ලද මෙම ශ්‍රේණිගත කිරීමේදී, විවිධ කර්මාන්ත ක්ෂේත්‍රවලට අදාළ මෙරට ආයතනික සන්නාම 100ක් අතුරින් 11 වැනි ස්ථානය හිමි කරගැනීමට නෙස්ලේ සමාගම සමත්විය. Brands Financeආයතනය විසින් සිදුකළ පුළුල් පර්යේෂණයකට අනුව නෙස්ලේ සන්නාමයේ වටිනාකම 2021 වසරට සාපේක්ෂව 2022 දී සියයට 20කින් වර්ධනය වී තිබීම ද කැපී පෙනේ.
නෙස්ලේ සතු සන්නාම තුනක්, ශ්‍රී ලංකාවේ වැඩිම ජනාදරයට පත් සන්නාම අතරට ද පත්විය. මෙම ඇගයීමේදී, විවිධ කාණ්ඩවලට අයත් සන්නාම 140ක් පමණ ආවරණය කෙරුණි. ඒ අනුව, කිරි ආහාර - මෝල්ට් පාන යන කාණ්ඩයේ වැඩිම ජනාදරයට පත් සන්නාමය බවට නෙස්ටමෝල්ට්’ පත්විය. මේ අතර, එම කාණ්ඩයේම දෙවැනි ස්ථානය දිනාගැනීමට මයිලෝ සන්නාමයට හැකි වූ අතර, නූඩ්ල්ස් සහ වෙනත් තිරිඟු ආහාර යන කාණ්ඩයේ දෙවැනි ස්ථානය දිනාගැනීමට මැගී‘ සන්නාමය සමත්විය.
″ශ්‍රී ලංකාවේ වඩාත් වටිනාම ආහාරපාන සන්නාමය ලෙස ඇගයීමට ලක්වීම අපට විශාල ගෞරවයක්. මෙවන් අභියෝගකාරී කාලසමයකදී අපගේ සන්නාමයේ වටිනාකම සහ ශක්තිය පිළිබඳ මෙබඳු ඇගයීමක් ලැබීම අපට විශාල ධෛර්යයක්. වසර 115කට අධික කාලයක් පුරා ශ්‍රී ලංකාව තුළ කටයුතු කළ සමාගමක් වශයෙන් අපි අඛණ්ඩව ගුණවත් සහ රසවත් ආහාර අපගේ පාරිභෝගිකයන්ට ලබාදීමට බැඳී සිටිනවා. ඒ වගේම නෙස්ලේ සන්නාම තුනක් වැඩිම ජනාදරයට පත් සන්නාම ලෙස නම් වීමත් අපට විශාල සතුටක්. අපගේ සන්නාම කෙරෙහි ශ්‍රී ලාංකික පාරිභෝගිකයන් තබා ඇති විශ්වාසය ඉන් පෙන්නුම් කෙරෙනවා″ යනුවෙන් නෙස්ලේ ලංකා කළමනාකාර අධ්‍යක්ෂ ජේසන් ඇවන්සෙන්‍යා මහතා ප්‍රකාශ කළේය.
595
2025 දෙසැම්බර් මස 18
30
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
121
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
925
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ශ්‍රී ලංකාවේ වඩාත් වටිනාම ආහාරපාන සන්නාමය නෙස්ලේ
Maha zen Friday, 01 July 2022 12:36 PM
දේශීය කර්මාන්ත යටකරගෙන ජයගත්තා...